කුඩු කතත් තිරිත්තුවකට කෑ යුතුය
 

කියමන : කුඩු කතත් තිරිත්තුවකට කෑ යුතුය.
තේරුම : ඇබ්බැහි වූ දෙයක්‌, ප්‍රමාණය ඉක්‌මවා කිරීමෙන් අයසට පැමිණෙන බව.

අතීත කතාව : ගමෙන් ගමට ගොස්‌ වෙළඳාමේ යෙදී සිටි හෙට්‌ටි වෙළෙන්ඳෙක්‌ මුදල් ඉතිරි කිරීමට සිතා නිවසින් පිටත දී ආහාර ගැනීම නවතා දැම්මේය. ඔහු ආහාරයට ගත්තේ සහල් පාහින තැනකින් ගත් කුඩු සහල්, කබලෙන් බැඳ තනාගත් ගුලි කීපයකි.
කලක්‌ යනවිට එසේ තනාගත් ආහාරයේ වියදමද මගහරවා ගැනීමට සිතු වෙළෙන්දා කුඩු සහල් අමුවෙන් ගිල දැමීමට පුරුදු විය.

මේ නිසා ඔහුට 'කුඩ්ඩා' යැයි නමක්‌ පට බැඳිණි. පාරේ යන එන පිරිස කුඩ්ඩා යැයි විහිළු කරන්නට වූ හෙයින් වෙළදාම අත්හළ වෙළෙන්දා නිවසටම වී කාලය ගත කරන්නට විය.

(c) Shilpa Sayura Foundation 2006-2017