මී පැණි එකතු කිරීම
 

මී පැණි නිෂ්පාදනය සඳහා මල් පැණි සහ සමහර විට පලතුරු යුෂ ද යොදා ගන්නා බව සොයාගෙන ඇත. මී මැස්සන් ගේ උදරයේ දී එකතුවන යුෂ නිසා උකුගතියක් මී පැණි වලට ලැබේ. එන්සයිම ක්‍රියා හේතුවෙන් ඒවා සුක්‍රෝස් පෘක්ටෝස් හා ලෙවියුලෝස් බවට පත්වේ. ඉන්පසු මී පැණි, පැණි වදකුහර තුළ තැන්පත් කරයි. ජලය අඩුකර වදකුහර ඉටි පියනෙන් ආවරණය කරයි. සාමාන්‍යයෙන් එක ජනපදයකින් මී පැණි කි.ග්‍රෑම් 5 ක් පමණ ලබා ගත හැකි ය.

පැණි වද මිරිකා පැණි ඉවත් කර ගැනීම සම්ප්‍රදායික ක්‍රමයයි. පිලවුන්ට හානිවීමත් මී පැණි පිරිසිදු නොවීමත්, මී පැණි අපතේ යාමත් සිදුවිය. පැණි වදකපා පැණි වෑස්සීමට තබා ප්‍රයෝජනයට ගැනුණි. මේ වද නැවත භාවිත කළ නොහැක. පැණි නිස්සාරණ මගින් පැණි ලබාගැනීමට හැකිවීම නිසා වද නැවත භාවිතයට දිය හැකි විය. එය මී මැස්සාගේ කාර්ය පහසු කරයි.

පැණි නිස්සාරණ යොදා ගන්නා විට දුම් ගස්සවා මැස්සන් ඵලවා හැර වදවලට තියුණු පිහියක් යොදා ඉටි ආවරණය ඉවත් කරන්න. වද දෙපැත්තෙන් ම පැණි ලබාගෙන එම පැණි පෙරා බෝතල් කර ගත හැකි වේ

(c) Shilpa Sayura Foundation 2006-2017