මී මැසි පාලනය කරන ඔබ රංචු බෙදී යන කාලයේ දී ම මැසි පනපදයක් අල්ලා ගැනීම සුදුසු වේ. මේ සඳහා තවත් කෙනෙකුගේ සහාය ලබා ගන්න.
ගස් බෙනයක ඇති මී මැසි ජනපදයක් පෙට්ටියකට ගන්නේ නම්, වද සවිවී ඇති ස්ථාන පහසුවෙන් බලාගත හැකි ගස් බෙනයේ මුඛය පැහැදිලිව විවෘත කර ගන්න. බෙනයේ මුඛය තුළින් දුම් විසුරුවනයේ දුම ඇතුළට යවා මැස්සන් පලවා හරින්න. වද එකින් එක ගෙන වද රාමුවල බැඳ ගන්න. එයින් මැස්සන්ට හානියක් නොකර පෙට්ටියට ඇතුළු කර ගත හැකි වේ.
Image
රැජින පෙට්ටියට ඇතුළු කර ගැනීමට විශේෂයෙන් වග බලා ගත යුතුය. මේ සඳහා රැජින හොඳින් හඳුනා ගෙන තිබීම වැදගත් ය.
රැජින පෙට්ටියට ඇතුළු කර ගත්තේ නම, අනිත් මැස්සන් බහුතරය පෙට්ටියට ඇතුළු කර ගැනීම සඳහා කළුවර වැටෙන තෙක් පෙට්ටිය එම ස්ථානයේ තබන්න. රාත්රී තම ගෙවත්තට ගෙනවිත් ස්ථීර ස්ථානයේ තැබිය යුතුය.
තවත් ආකාරයකට මී මැසි ජනපදයක් ඇති කර ගත හැකි වේ. එනම් ඔබ ළඟ රංචු බෙඳීමට ආසන්න මී මැසි පෙට්ටියක් ඇතැයි සිතන්න. එහි වදරාමු කීපයක් රැජින සමඟ වෙනත් පෙට්ටියකට ඇතුළු කරන්න. මෙය කළ යුත්තේ කාලගුණය යහපත් දිනක අඳුරු වැටී ගෙන විටය. එය කලින් පෙට්ටියට වඩා මීටර් 400 ක් වත් දුරින් තැබිය යුතු ය. දුර්වල ජනපද ශක්තිමත් කර ගැනීම ද ඔබට කළ හැකිය. ඉතාම දුර්වල ජනපදයේ රැජින ඉවත් කර ගන්න. පැය 6 කට පසු එම ජනපදය රැජින සිටින ජනපදයකට කළුවර වැටෙන විට එකතු කළ හැකි වේ. කුඩා සිදුරු කීපයක් ඇතිව කඩදාසියක දෙපැත්ත ම පැණි තවරා එය පිලා පෙට්ටියේ මූණත මත තබන්න. රැජින ඉවත් කළ ජනපදය සහිත පිලා පෙට්ටිය ඒ මත තබා ආවරණය කරන්න. පසුදින පැණි තවරන ලද කඩදාසිය ඉවත් කිරීමෙන් ජනපදය ඒකාබද්ධ වී ශක්තිමත් වේ.