ගෙවත්තට මී මැස්සන්
මී මැස්සා අපට
* පාන්දරින් අවදිවීමේ ආදර්ශය ලබා දෙයි.
* සාමූහිකව කටයුතු කිරීමේ ආදර්ශය ලබා දෙයි.
* නායකත්වයට ගරු කිරීමේ ආදර්ශය ලබා දෙයි.
* පිරිසිදුකම රැක ගැනීමේ ආදර්ශය ලබා දෙයි.
* ස්වයං ආරක්ෂාව පිළිබඳ ආදර්ශය ලබා දෙයි.
* ආහාර සංරක්ෂණය කර ගැනීමේ ආදර්ශය ලබා දෙයි.
* ආහාර බෙදා ගැනීම උගන්වයි.
* කාර්ය ගරුක බව පෙන්වා දෙයි.
* කාර්ය ශූරත්වය අවබෝධ කරයි.
* වැඩ බෙදාගැනීම තුළින් ඵලදායිතාවය උගන්වයි.
* කැපවීම ඉටු කර දක්වයි.
* පවුල් සංවිධානය පැහැදිලි කරයි.
* සකසුරුවම්කම හා සහයෝගිතාවය පෙන්වා දෙයි.
මී මැස්සා අපගේ ගස් වැල් පරාගණය සිදු කොට ඵලදාව වැඩි කරයි.
පරාග ලබාදෙන මී මැස්සා අපට,
* මී පැණි
* මී ඉටි
* මී විෂ
* රාජජල්ලිද ලබාදෙයි