ස්වාභාවයේ පවතින බොහෝ මූලද්‍රව්‍ය පවතින්නේ එම මූලද්‍රව්‍යයේ විවිධ සමස්ථානිකයන් ගේ මිශ්‍රණයක් වශයෙනි. එබැවින් මූලද්‍රව්‍යයක පරමාණුක ස්කන්ධය ලෙස ගෙන ඇත්තේ එම මූලද්‍රව්‍යවල ස්වභාවයේ පවතින සමස්ථානිකයන් ගේ ප්‍රතිශතය අනුවඑහි සාමාන්‍ය අගයයයි. කිසියම් මූලද්‍රව්‍යයකට අයත් කිසියම් සමස්ථානිකයක් ස්වභාවයේ පවතින ප්‍රතිශතය වැඩි විට එහි සාමාන්‍ය අගයකට එම සමස්ථානිකය මගින් වැඩි බලපෑමක් ඇති කරයි.
මෙම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය A, ලෙස දක්වනු ලැබේ.
මේ අනුව මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු ස්වාභාවයේ පවතින එම මූලද්‍රවයේ සමස්ථානිකයන්ගේ ප්‍රතිශතය අනුව එම මූලද්‍රව්‍යයේ පරමාණුවක් දක්වන සාමාන්‍ය අගයයි.
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයා ඇති ආකාරය තවදුරටත් තහවුරු කර ගැනීමට ක්ලෝරින්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන ආකාරය පිළිබඳව විමසා බලමු.
ස්වාභාවයේ පවතින ක්ලෝරින්වල සමස්ථානිකයන් දෙකක් තිබේ. එනම් 35 17 C1 සමස්ථානිකය 75.77% ක් ද 37 17 C1 සමස්ථානිකය 24.33% ක් ද වශයෙනි.
මේ අනුව ක්ලෝරින් -35 පරමාණු 75.77% ක
ස්කන්ධය = 35x75.77
= 2651.95
ක්ලෝරින් - 37 පරමාණු 24.33% ක
ස්කන්ධය = 37x24.33
= 900.21
ඒ අනුව ක්ලෝරින්වල පරමාණු
100 ක මුළු ස්කන්ධය = 2651.95+900.21
= 3552.16
ක්ලෝරින්වල සාපේක්ෂ පරමාණුක
ස්කන්ධය = 3552.16/100
= 35.5