පරමාණුක ස්කන්ධ ඒකකය
 

පරමාණු වැනි කුඩා අංශුවල ස්කන්ධය ඉතා කුඩා ය. ස්කන්ධ මැනීමේ S1 ඒකකය වන කිලෝග්‍රෑමය හෝ එහි ව්‍යුත්පන්න ඒකකයක් වන ග්රෑම්වලින් හෝ එම ස්කන්ධ ප්‍රකාශ කිරීම ගැටලු සහගතය. උදාහරණයක් ලෙස තනි හයිඩ්රජන් පරමාණුවක ස්කන්ධය ග්රෑම් වලින් ප්‍රකාශ කළ විට එහි අගය වන්නේ,


= 1.7x10-24 g ය.
= 0.000 000 000 000 000 000 000 0017g


එබැවින් පරමාණුවල ස්කන්ධය මැනීම සඳහා වඩා පහසු ඒකකයක් සම්මත කරගෙන ඇත. එය පරමාණුක ස්කන්ධ ඒකකය නම් වේ. මෙය සකසා ගෙන ඇත්තේ කාබන් -12 සමස්ථානිකය ඇසුරෙනි. කාබන් -12 සමස්ථානිකයේ ස්කන්ධය 12 ලෙස ගත් විට ඉන් 1/12ක ස්කන්ධය වන්නේ පරමාණුක ස්කන්ධ ඒකක එකකි.


පරමාණුක ස්කන්ධ ඒකකය = 12 6 C කාබන්
a.m.u පරමාණුක x 1
                          --
ස්කන්ධය          12
එවිට මෙම පරමාණුක ස්කන්ධ ඒකකයක අගය වන්නේ එකකි.

(c) Shilpa Sayura Foundation 2006-2017