කිසියම් මූලද්‍රව්‍යයක් ගත් විට එම මූලද්‍රව්‍යයේ සියළුම පරමාණුවලට ඇත්තේ එකම ප්‍රෝටෝන ගණනකි. එබැවින් පරමාණුක ක්‍රමාංකය එකම ය. එය වෙනස් නොවේ. එනමුත් එකම මූලද්‍රව්‍යයක වුව ද ස්කන්ධ ක්‍රමාංක විවිධ වේ. ඊට හේතු වන්නේ එම පරමාණුවල න්‍යෂ්ටියේ අඩංගු නියුට්‍රෝන ගණන සෑම විටම එකම සංඛ්‍යාවක් නොවීමය. එබැවින් පරමාණුක ක්‍රමාංකය එකම වුව ද ස්කන්ධ ක්‍රමාංක විවිධ වේ.
කිසියම් මූලද්‍රව්‍යකට අයත් විවිධ ස්කන්ධ ක්‍රමාංක ඇති පරමාණු එම මූලද්‍රව්‍යයේ සමස්ථානික වේ.
සමස්ථානිකයන්ගේ ස්කන්ධ ක්‍රමාංක වෙනස් වුව ද ඒවායේ රසායනික ගුණ එක සමානය. පහත වගුවෙන් දක්වා ඇත්තේ මූලද්‍රව්‍ය කීපයක දැක ගත හැකි විවිධ සමස්ථානිකයන්ගේ තොරතුරු ය. මෙහි ස්වාභාවිකව දැක ගත හැකි සමස්ථානිකයන්ගේ ප්‍රතිශත ආසන්නව දක්වා ඇත.
මූලද්‍රව්‍ය කිහිපයක ස්වාභාවිකව පවත්නා සමස්ථානික පිළිබඳ තොරතුරු