ස්කන්ධ ක්‍රමාංකය
 

පරමාණුවක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන ගණනේත් නියුට්‍රෝන ගණනේත් එකතුව එහි ස්කන්ධ ක්‍රමාංකය වේ. ස්කන්ධ ක්‍රමාංකය A අක්ෂරයෙන් ද දක්වනු ලැබේ.

ස්කන්ධ ක්‍රමාංකය = ප්‍රෝටෝන සංඛ්‍යාව + නියුට්‍රෝන සංඛ්‍යාව

මේ අනුව පරමාණුවේ නියුට්‍රෝන සංඛ්‍යාව වන්නේ,

ස්කන්ධ ක්‍රමාංකය = පරමාණුවක ක්‍රමාංකය වේ.

පරමාණුවක අඩංගු නියුට්‍රෝන සංඛ්‍යාව = A-Z

මෙය තවදුරටත් උදාහරණයක් ඇසුරින් වටහා ගනිමු. ලිතියම් වල පරමාණුක ක්‍රමාංකය 3 කි. එහි ස්කන්ධ ක්‍රමාංකය 7කි.

මේ අනුව ලිතියම් වල,

ප්‍රෝටෝන ගණන = 3

ඉලෙක්ට්‍රෝන ගණන = 3

නියුට්‍රෝන ගණන = 7-3 = 4

පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය සම්මත ව දක්වන ආකාරය

ස්කන්ධ ක්‍රමාංකය ----7

පරමාණුක ක්‍රමාංකය ----3 Li

මේ අනුව පරමාණුක ක්‍රමාංකය 13 ක් ද ස්කන්ධ ක්‍රමාංකය 27 ක් ද වූ ඇලුමීනියම්වල එම සංඛ්‍යා දක්වා ඇත්තේ පහත ආකාරයටය.

ස්කන්ධ ක්‍රමාංකය ----27 AI

පරමාණුක ක්‍රමාංකය -----13

පහත වගුවෙන් දක්වා ඇත්තේ මූලද්‍රව්‍ය කීපයක පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017