කිසියම් මූලද්‍රව්‍යයකට අයත් පරමාණුවක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව එහි පරමාණකු ක්‍රමාංකය වේ. මෙය Z අකුරින් ද දක්වනු ලැබේ.
සෑම මූලද්‍රව්‍යයකට ම ආවේණික වූ පරමාණුක ක්‍රමාංකයක් ඇත. ඉන් කියවෙන්නේ එම මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන ගණන ය. මේ අනුව හයිඩ්රජන්වල පරමාණුක ක්‍රමාංකය එකය. ඉන් හැඟෙන්නේ එහි න්‍යෂ්ටික ප්‍රෝටෝන ඇත්තේ එකක් බවය. මෙම පරමාණුක ක්‍රමාංකය අනුව එම මූලද්‍රව්‍යයේ රසායනික ගුණ තීරණය වේ. උදාහරණයක් ලෙස ඔක්සිජන්වල පරමාණුක ක්‍රමාංකය අටක් වේ. ඔක්සිජන්වලට සමාන රසායනික ගුණ සියල්ලම ලබා දෙන තවත් මූලද්‍රව්‍යයක්
නොමැත. ඊට යාබදව ඇති පරමාණුක ක්‍රමාංකය හතක් වූ හයිට්රජන්වල ගුණත් පරමාණුක ක්‍රමාංකය නමයක් වූ ෆ්ලෝරීන්වල ගුණත් ඔක්සිජන්වල ගුණවලට වඩා ඉඳුරා ම වෙනස්ය.
පරමාණුක ක්‍රමාංකයෙන් අපට මැන ගත හැකි තවත් කරුණක් තිබේ. එනම් උදාසීන පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන ගණන සහ ඉලෙක්ට්‍රෝන ගණන සමානය. එබැවින් පරමාණුක ක්‍රමාංකය මගින් උදාසීන පරමාණුවක ඉලෙක්ට්‍රෝන ගණන ද දැක්වේ.
පරමාණුක ක්‍රමාංකය : ප්‍රෝටෝන ගණන
උදාසීන පරමාණුවක ප්‍රෝටෝන ගණන : ඉලෙක්ට්‍රෝන ගණන