මැනුමක් ආරම්භ කිරීමට පෙර මූලික ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදුකර, මූලික පාලන ලක්ෂ්‍ය (Control points) පිහිටුවා ගනියි. ඉන් පසු මැනුම සඳහා යොදා ගන්නා ක්‍රමයට වඩා නිරවද්‍ය ක්‍රමයක් භාවිත කරමින් මෙම මූලික පාලන ලක්ෂ්‍යයවල සාපේක්ෂ පිහිටීම සොයා ගනියි. මේ පාලන ලක්ෂ්‍ය උපකාරයෙන් මැනුම් ක්ෂේත්‍රය නැවත කොටස් වලට බෙදා ගනී. මෙම එක් එක් කොටස වෙන වෙන ම ගෙන, ඒවා නැවත කොටස් වලට බෙදා අවශ්‍යතාව පරිදි මැනුම සිදු කරයි.
මෙම එක් එක් කොටස් එකිනෙක සම්බන්ධ කිරීම මඟින් මැනුම සම්පූර්ණ කළ හැකි ය. කුමන ක්ෂේත්‍රයක, කුමන අරමුණකින්, කුමන උපකරණ වර්ගය භාවිත කළ ද බිම් මැනුමේ දී පූර්ණයේ සිට කොටසට වැඩ කිරීම යන මූලධර්මය අනුව මැනුම සිදුකළ යුතු ය. මෙම මූලධර්මය යොද ගැනීමේ අරමුණ වන්නේ මැනුමක දී සිදු වන දෝෂ එකතු වෙමින් ඉදිරියට යෑම වළැක්වීමයි.