1909 දී ශ්‍රීමත් රදර්ෆඩි විසින් පරමාණුවේ ස්වභාවය පැහැදිලි කර ගත හැකි විශිෂ්ඨ පරික්ෂණයක් කරන ලදී. මෙම පරික්ෂණ සිදු කිරීමට 1909 දී රදෆර්ඩි විද්‍යාගාරයේදී ගයිගර් සහ මස්ඩන් යන විද්‍යාඥයන් උදව් විය. මෙම පරික්ෂණය රදර්ෆිඩිගේ ස්වර්ණ පත්‍ර පරික්ෂණය සඳහා මූලික අදහසක් සැපයුනේ 1903 දී ජර්මන් ජාතික පිලිප් ලෙනාඩ් විසින් ඉදිරිපත් කළ කල්පිතයකි. එනම් පරමාණුවක් තුළ තිබිය හැක්කේ විශාල හිස් අවකාශයක් යන්නය.
රදෆර්ඩිගේ පරික්ෂණය සඳහා යොදා ගන්නා ලද්දේ ඇල්ෆා අංශු ය. ඇල්ෆා අංශු යනු විකිරණශීලි ද්‍රව්‍ය තුළින් නිකුත්වන ධන ලෙස ආරෝපිත හීලියම් න්‍යෂ්ටිය. මේවායේ ඉලෙක්ට්‍රෝන දෙකක් නොමැති අතර එම හේතුවෙන් ඒවා උදාසීන නොවී විද්‍යූත් ධන ලෙස ආරෝපිතව තිබේ.
යොදාගත් විකිරණශීලි ප්‍රභවයේ සිට මෙම අංශු වේගයෙන් කදම්බයක් සේ පිටවිය. මෙම ඇල්ෆා අංශු සහිත කදම්බයක් ඉතා තුනී ස්වර්ණ පත්‍රයක් වෙතට එල්ල කරන ලදී. (1.12 රූපය) එසේ යොමු කළ ඇල්ෆා අංශු ස්වර්ණ පත්‍රය තුළින් අපහසුවකින් තොරව ගමන් කරන ලදී. එසේ ගමන් ගන්නා ඇල්ෆා අංශු හඳුනා ගැනීමට ස්වර්ණ පත්‍රය වටා සින්ක් සල්ෆයිඩ් ආලේපිත ආවරණයක් තබන ලදී. එසේ ස්වර්ණ පත්‍රය තුළින් ගමන් ගන්නා සින්ක් සල්ෆයිඩ් තිරය වෙත වදින සෑම ඇල්ෆා අංශුවකින් ම මොහොතකට ජ්වලනය වීමක් ඇති වී ආලෝකයක් පිට විය. මෙහි දී බොහෝ ඇල්ෆා අංශු අවහිරයකින් තොරව ස්වර්ණ පත්‍රය තුළින් ගමන් ගත්ත ද ඇල්ෆා අංශු සුළු ප්‍රමාණයක් අපගමනය වන බවත් අංශු ඉතා ම සුළු ප්‍රමාණයක් (100000 කට එකක් පමණ) මුලුමනින් ම ආපසු පරාවර්තනය වන බවත් දැක ගත හැකි විය. (1.13 රූපය)
මෙම පරික්ෂණයේ ප්‍රතිඵල අනුව පරමාණුවක් යනු මුළුමනින් පිරුණු, ධන, ආරොපණ සහ සෘණ ආරෝපණ අඩංගු අංශුවක් නොව විශාල හිස් අවකාශයක් ඇති ව්‍යූහයක් බව පැහැදිලි විය. ස්වර්ණ පත්‍රයේ අඩංගු පරමාණු අතරින් ඇල්ෆා අංශුවලට නිදහසේ ඉදිරියට ගමන් කිරීමට හේතු වූයේ ස්වර්ණ පත්‍රයේ අඩංගු පරමාණුවල ඇති මෙම හිස් ප්‍රදේශයි. ඇල්ෆා අංශු අපගමනය වීමටත් ආපසු පරාවර්තනය වීමටත් හේතුව පරමාණුව තුළ ධන ආරෝපණ ඒකරාශි වූ ඉතා කුඩා කලාපයක් තිබීම නිසා බව රදර්ෆඩි පෙන්විය. කලාපය රත්රන් පරමාණුවල න්‍යෂ්ටි ප්‍රදේශ විය.
එබැවින් තවදුරටත් පරමාණුව පිළිබඳ තොම්සන්ගේ ඝන ආකෘතිය නිවැරදි ලෙසට පිළිනොගැනින. රදර්ෆඩි ද පරමාණුව සම්බන්ධ ආකෘතියක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව,
* පරමාණුවක පරිමාවෙන් අති විශාල ප්‍රමාණයක හිස් අවකාශයකි.
* ධන ලෙස ආරෝපිත ප්‍රෝටෝන අඩංගු න්‍යෂ්ටිය පරමාණුවේ මැද පිහිටා තිබේ.
* පරමාණුවේ පරිමාවට සාපේක්ෂව න්‍යෂ්ටිය ඉතා කුඩා පරිමාවක් දරයි.
* පරමාණුවේ න්‍යෂ්ටිය වටා විවිධ දුර ප්‍රමාණවලින් ඉලෙක්ට්‍රෝන ඉතා වේගයෙන් භ්‍රමණයවේ. මේ අනුව රදර්ෆඩිගේ
පරමාණුවේ ආකෘතිය සෞර ග්‍රහ පද්ධතියට සමාන කරන ලදී. පරමාණුවේ න්‍යෂ්ටිය ස්කන්ධයෙන් වැඩි සූර්යයා ලෙසට ද එය වටා භ්‍රමණය වන ග්‍රහ වස්තුන් ඉලෙක්ට්‍රෝන ලෙසට ද ඔහු උපමා කරන ලදී.
එනමුත් රදර්ෆඩිගේ සූර්යග්‍රහ ආකෘතියට පරමාණුව සමාන කිරීම පිළිබඳව ගැටලු ඇති විය. විද්‍යූත් ගති විද්‍යාව අනුව විද්‍යුත් ලෙස ආරෝපිත අංශුවලට වෘත්තාකාර පථයක් තුළ එකම ආකාරයකට දිගටම ගමන් කිරීම සිදුකළ නොහැක. එවැනි ගමනක දී එම අංශු සතු ශක්තිය හීන වී ක්‍රමයෙන් සර්පිල මාර්ගයක ගමන් කර අවසානයේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වෙතට ආදි ආ යුතුය.
(1.14 රූපය) එවැන්නක් පරමාණුවල සිදු නොවන බැවින් රදර්ෆඩිගේ ආකෘතිය බැහැර කරන ලදී.
ඩෝල්ටන් ගේ කාලයේ සිට අද දක්වා විවිධ විද්‍යඥයින් විසින් සොයාගත් කරුණු අනුව පරමාණුව පිළිබඳව නූතනවාදය සැකසී ඇත. මේ අනුව පරමාණුවේ න්‍යෂ්ටිය වටා ඇති ඉලෙක්ට්‍රෝනයක නිශ්චිත පිහිටීම කුමන ස්ථානයක දැයි අපට දැක්විය නොහැක.
එය පෙරහැරක ගිනි බෝල කරකවන්නෙක් ගිනි බෝල කරකවන විට එක් ගිනි බෝලයක පිහිටීම අපට ස්ථිරව දැක්විය නොහැකිවා සේය. (1.17A රූපය) විදුලි පහනක් වටා භ්‍රමණය වන මෙරු රැලක් මෙන් ඉලෙක්ට්‍රෝන න්‍යාෂ්ටිය වටා භ්‍රමණය වේ.
1.17A රූපයේ වඩා ඝනකමින් දක්වා ඇත්තේ ඉලෙක්ට්‍රෝන බහුල ව ඇති ස්ථානයි. නූතන පරමාණුක වාදය සඳහා ජේ.ජේ. තොම්සන්, රදර්ෆඩි, නීල් බෝර්, වැඩ්වික් ඇතුළු අති විශාල විද්‍යාඥයින් පිරිසකගේ දායකත්වය ලැබී තිබේ. ඒ අනුව නූතන පරමාණුක වාදයට අදාළ අදහස් කිහිපයක් පහතින් දක්වා ඇත.
1. පදාර්ථය සැකසී ඇත්තේ පරමාණු නම් ඉතා කුඩා අංශුවලිනි. පරමාණුවක් තුළ උප පරමාණුක අංශු වර්ග ගණනාවක් ඇත. එම අංශුවල ස්කන්ධය, ආරෝපණය සහ චලිත රටාව විවිධ ආකාර වේ.
2. සෑම පරමාණුවක ම මැද න්‍යෂ්ටිය නැමැති ඝනකම් කොටසක් පිහිටා තිබේ.
3. න්‍යෂ්ටිය තුළ විද්‍යුත් ධන ආරෝපණ දරණ ප්‍රෝටෝන පිහිටා තිබේ. මූලද්‍රව්‍ය වර්ග අනුව එම පරමාණුවල අඩංගු ධන ආරෝපණ ප්‍රමාණය විවිධ වේ.
4. පරමාණුවක ඇති ධන ආරෝපණ සංඛ්‍යාවක් සෘණ ආරෝපණ සංඛ්‍යාවක් සමාන බැවින් පරමාණුවක් විද්‍යූත් වශයෙන් උදාසීනව පවතී. එබැවින් උදාසීන පරමාණුවක් කිසිදු ආරෝපණයක් නොපෙන්වයි.
5. පරමාණුවක ස්කන්ධය සැකසී ඇත්තේ එහි න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන සහ නියුට්‍රෝන නිසාය. පරමාණුව වටා භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝනවල ස්කන්ධය නොගිනිය හැකි තරම් සැහැල්ලුය.
6. සෑම ඉලෙක්ට්‍රෝනයක් ම සෘණ ආරෝපිත වේ. එම ආරෝපණ නැවත කොටස්වලට බෙදිය නොහැකිය.
7. පරමාණුවක ප්‍රෝටෝනයක ස්කන්ධයත් නියුට්‍රෝනයක ස්කන්ධයත් එකිනෙකට සමානය. මේවායේ ස්කන්ධය එකක් ලෙස සළකණු ලැබේ.
8. සාමාන්‍ය හයිඩ්රජන් පරමාණුවක ඇත්තේ ප්‍රෝටෝන එකක් පමණකි. එබැවින් එහි පරමාණුවක ස්කන්ධය එකකි.
9. ප්‍රෝටෝනවල අඩංගු ධන ආරෝපණ නැවත කොටස්වලට බෙදිය නොහැකිය.
10. නියුට්‍රෝනවලට ආරෝපණයක් නොමැත
11. පරමාණුවකට අති විශාල පරිමාවක් ලැබී ඇත්තේ එහි අඩංගු ඉලෙක්ට්‍රෝන චලනය වන ප්‍රදේශය නිසාය. මෙම පරිමාව කොතරම් විශාල ද යත් පරමාණුවක න්‍යෂ්ටියේ පරිමාවත් පරමාණුවේ පරිමාවත් අතර අනුපාතය 1:10 හෝ ඊට අඩු සංඛ්‍යාවක් විය හැකිය.
පරමාණු තුළ අඩංගු උප පරමාණුක අංශු පිළිබඳ සරල තොරතුරු පහත වගුවෙන් දක්වා ඇත.