ඩෝල්ටන්ගේ සහ තොම්සන්ගේ ආකෘති
 

පරමාණුව සොයා ගැනීමට පෙර සිටම විවිධ පරික්ෂණ මගින් එහි අඩංගු උප පරමාණුක අංශු සොයාගත හැකි විය. මෙම සොයා ගැනීම් ඇසුරින් පරමාණුවේ ස්වභාවය පැහැදිලි කරන විවිධ ආකෘති වරින් වර විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබිණ. එසේම සමහර ආකෘති විවිධ අභියෝග හමුවේ නිෂ්ප්‍රභා විය. ඓතිහාසිකව බැලූ විට ක්‍රමයෙන් අද දක්වා එම ආකෘති විවිධාකාරයෙන්


දියුණු වී ඇති අන්දම පැහැදිලි ව දැක ගත හැකි වේ. පරමාණුවේ ස්වභාවය පිළිබඳව ජෝන් ඩෝල්ටන් ඉදිරිපත් කළ ආකෘතිය අනුව එය ගෝලාකාර ඝන වස්තුවක් විය. (1.10A රූපය) එනමුත් ඩෝල්ටන්ගේ ආකෘතිය දිගු කලක් පිළිගත් ආකෘතියක් නොවීය. ඊට හේතු වූයේ පරමාණුව තුළ ප්‍රෝට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන අඩංගු වීමය.


තොම්සන් විසින් ද පරමාණුව පිළිබඳ ආකෘතියක් ඉදිරිපත් කළ අතර එයද ගෝලාකාර ඝන ස්වභාවයකින් යුත් ආකෘතියක් විය. (1.10B රූපය) ගෝලයක් බඳු පරමාණුව තුළ ධන ආරෝපන (ප්‍රෝට්‍රෝන) සහ සෘණ ආරෝපණ (ඉලෙක්ට්‍රෝන) සමානව පැතිර ඇති බව ඔහුගේ අදහස විය.


මෙම ආකෘතිය මගින් අයනයක් ඇති වන්නේ කෙසේද යන්න පැහැදිළි කළ හැකිවිය. ධන ආරෝපණ ඇති වීමේ දී පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වන බවත් සෘණ ආරෝපණ ඇති වීමේ දී පරමාණුවලට ඉලෙක්ට්‍රෝන එකතු වන බවත් ඔහුගේ අදහස විය.


එනමුත් මෙම ආකෘතිය ද විවිධ අභියෝග හමුවේ කෙටි කල‍ක දී ප්‍රතික්ෙෂ්ප විය. ඊට බල පෑ ප්‍රධානතම හේතුවක් වූයේ පරමාණුව තුළ අඩංගු ධන ආරෝපණ සහ සෘණ ආරෝපණ එකිනෙකට සම්බන්ධ වී උදාසීන වීම සිදු විය හැකි ආකාරය වළකාලන ක්‍රමයක් එමගින් පැහැදිලි නොවීම නිසාය.

(c) Shilpa Sayura Foundation 2006-2017