රේඛීය මැනුමේ දී ඇති විය හැකි දෝෂ (Errors in linear measurement)
 දිග මැනීමේ දී යොදා ගන්නා සාම්ප්‍රදායික ක්‍රමවල දී දෝෂ ඇති වීමේ සම්භාවිතාව සහ ප්‍රවණතාව ඉතා වැඩි අතර, වර්තමානයේ දී භාවිත කරන උසස් මට්ටමේ ක්‍රමවල දී දෝෂ ඇති වීම වැළැක්වීමට පූර්වෝපායන් යොදා ඇත. කෙසේ නමුත් ඕනෑ ම දිගක් මැනීමක දී උපකරණවල පවතින දෝෂ හේතුවෙන් ද මනින පුද්ගලයාගේ අත්වැරදීම් ආදිය හේතුවෙන් සහ ස්වභාවික පරිසරයේ සිදු වන වෙනස් වීම් හේතුවෙන් ද දෝෂ ඇති විය හැකි ය.

එමෙන් ම මෙම දෝෂ පිළිබඳ ව ද, දෝෂ ඇති වීමට හේතු පිළිබඳ ව ද, දෝෂවල බලපෑම අවම කර ගැනීමට යොදා ගත හැකි පූර්වෝපායයන් පිළිබඳ ව ද යම් අවබෝධයක් මිනින්දෝරුවරයා සතු විය යුතු ය.

රේඛීය මැනුමක දී ඇති විය හැකි දෝෂ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැකි ය.
1. දළ දෝෂ (වැරදීම) (Mistakes)
2. සමුච්චිත දෝෂ (Cumulative errors)
3. හානි පූර්ණ දෝෂ (Compensating errors)
(c) Shilpa Sayura Foundation 2006-2017