පරමාණුවක අඩංගු ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝනයට සාපේක්ෂව ස්කන්ධය වැඩි අංශුවයි. එනමුත් පරමාණුවක න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝනවල ස්කන්ධයට වඩා පරමාණුවක සාමාන්‍ය ස්කන්ධය ප්‍රෝටෝන හතරක ස්කන්ධයේ දරන බව පෙනින. එබැවින් න්‍යෂ්ටියක් තුළ තවත් අංශු විශේෂයක් තිබිය යුතු බව සැක කරන ලදී. මෙම නොදන්නා අංශු නියුට්‍රෝන ලෙස නම් කෙරින.
1932 දී වැඩ්වික් විසින් මෙම අංශු වර්ගය සොයා ගන්නා ලදී. එහි ස්කන්ධය ද ප්‍රෝටෝනයක ස්කන්ධයට ඉතා සමීප බව පෙනින. නියුට්‍රෝනයක් විද්‍යූත් වශයෙන් උදාසීන අංශුවකි.
මීට අමතරව වරින් වර පරමාණුවේ න්‍යෂ්ටිය තුළ තවත් විවිධ අංශු වර්ග 100 ක් පමණ මේ වන විට සොයාගෙන ඇත. එනමුත් මෙම උප පරමාණුක අංශ සෑම පරමාණුවක් තුළම දැක ගත නොහැකි අතර ඉන් බොහොමයක් ස්ථාවරව පවතින උප පරමාණුක අංශු නොවේ.