ඊ. ගෝල්ස්ටයින් විසින් 1896 දී, සිදුරු කෙතෝඩයක් අඩංගු කැතෝඩ කිරණ නළයකට අඩු පීඩනයක් යටතේ වායුවක් යොදා එහි ඉලෙක්ට්‍රෝඩ අතර විභව අන්තරය 20000V සහ 50000V දක්වා යෙදූ විට කැතෝඩයේ සිදුරු තුලින් කිරණ විශේෂයක් ගමන් ගන්නා බව පෙනිණ.
එසේම මෙම කිරණ ගමන් කරන ලද්දේ කැතෝඩ කිරණ ගමන් ගත් දිශාවට ප්‍රතිවිරුද්ධ අතට ය.
මෙම කිරණ විද්‍යූත් ධන ආරෝපණයක් දරන බව ජේ.ජේ. තොම්සන් විසින් පෙන්වා දෙන ලදී.
තවදුරටත් පරික්ෂණ පැවැත්වූ රදර්ෆඩ් විසින් මේවා ද පරමාණු තුළ අඩංගු උප පරමාණුක අංශු විශේෂයක් බව පෙන්වා දී ඒවා ප්‍රෝටෝන ලෙස නම් කරන ලදී. ප්‍රෝටෝනයක ස්කන්ධය ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය මෙන් 1840 ගුණයකි.