ජේ.ජේ. තොම්සන් (1858-1940) විසින් මෙම හඳුනා නොගත් කිරණ පිළිබඳ ව නිවැරදි විග්‍රහයක් 1897 දී කරන ලදී. ඔහු එම කිරණ පිළිබඳව පහත සඳහන් නිරීක්ෂණත් නිගමනයනුත් කරන ලදී.
* කැතෝඩ කිරණ නළ තුළින් ගමන් ගන්නා කිරණ මගින් කැතෝඩ කිරණ නළයේ තිබූ සින්ක් සල්ෆයිඩ් ආලේපිත ප්‍රතිදීප්ත තිරයක් මත කොළ පැහැති ආලෝකයක් ඇති කෙරින.
* එම කිරණ ගමන් කරන්නේ සරල රේඛියව ය. එම කිරණ ධාරාව අතරට කිසියම් ලෝහමය වස්තුවක් තැබූ විට එහි ප්‍රතිබිම්බයක් ප්‍රතිදීප්ත තිරය මත ඇති වේ. මීට හේතු වන්නේ කිරණවල සරල රේඛීය ගමන අවුරුවාලන සේ ලෝහ තහඩුව පිහිටීම නිසාය.
* කැතෝඩ කිරණ නළයේ මැදට සැහැල්ලු ලෝහ පෙති ඇති හබල් සකස් (Paddle Wheel) තැබූ විට එය භ්‍රමණය වීමට පටන් ගනී, මීට හේතු වන්නේ කැතෝඩ කිරණ සෑදී ඇත්තේ කිසියම් ස්කන්ධයක් ඇති අංශු මගින් වීමත් එම අංශු එම හබල්සකේ පෙති හා ගැටීමත්ය.
* කෙතෝඩ කිරණ නළයේ ඇති තහඩුවකට මෙම අංශු වැදුන විට තහඩුව රත් වේ. මීට හේතු වන්නේ එම අංශු සතු චාලක ශක්තියයි.
* මෙම අංශු විද්‍යූත් ධන සහ සෘණ ලෙස ආරෝපිත තහඩු දෙකක් අතරින් යැවූ විට අංශු ධන අග්‍රය වෙත නැවීම සිදුවේ. මෙයින් එම අංශු විද්‍යූත් සෘණ ලෙස ආරෝපිත බව පැහැදිලිවේ.

තොම්සන් විසින් සිදුකළ විවිධ පරීක්ෂණ සහ ගණනය කිරීම් අනුව කැතෝඩ කිරණ සැකසී ඇත්තේ පරමාණුවල අඩංගු උප පරමාණුක අංශු විශේෂයක් වන ඉලෙක්ට්‍රෝන වලින් බව ඔප්පු කරන ලදී.