ආලෝකය ශාක වර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. එබැවින් ආලොක තීව්‍රතාවය හා කාල සීමාව යන කරුණු දෙක ම ශාක වල ජීව ස්කන්ධය වැඩිකර අවසානයේ වැඩි ඵලදාවක් ලබා ගැනීමට උපකාරී වේ.
එහෙත් හරිතාගාර තුළ වවන උද්‍යාන විද්‍යාත්මක භෝග වර්ග අතරෙන් සමහරක් අඩු ආලෝක තත්ව වලට අනුවර්තනය වූ ඒවා වේ.
උදා :- අලංකාරය සඳහා වවන කොලදාවක් සහිත ශාක.
තවද තවාන් පාලනයේ දී දැඩි ආලෝක තත්වය අහිතකර වේ. එහෙත් බොහෝ එළවළු හා කුඩා පලතුරු වර්ග වල තවාන් අවධිය හැර අන් සියළු අවධි වල අධික ආලෝක තීව්‍රතාවයක් අවශ්‍ය වේ. හරිතාගාර ආවරණ වර්ග අනුව ඇතුල් වන ආලෝක ප්‍රමාණය තීරණය වේ.
මීට අමතරව වගා සෘතුව අනුව (වසන්ත/ශීත) සහ කාලගුණික තත්වය(වර්ෂාව/වළාකුළු/සූර්යාලෝකය) අනුව ද ආලෝකයේ අඩු වැඩි වීම් ද ඇති වේ.හරිතාගාර ආවරණ මත දූවිලි තැන්පත් වීමෙන් ද , ඇල්ගී වර්ග බැඳීමෙන් ද දිගු කාලීනව ආලෝකය ඇති වීම සීමා වේ. මෙම ගැටළුවට පිළියමක් ලෙස කෘතීම ආලෝකය ලබා දීම සිදු කළ හැකි නමුත් ශ්‍රී ලංකාව වැනි රටක එය අධික පිරිවැයක් සහිත කාර්යයකි.එහෙත් ආලෝක තත්වය අඩු කිරීම සඳහා දැල් ගෘහ භාවිතය සහ සෙවන සඳහා අභ්‍යන්තරයෙන් යොදන ආවරණ යොදා ගැනෙන අවස්ථා බහුලය. බොහෝ විට කළු හෝ අඳුරු වර්ණයන්ගෙන් යුත් මෙම දැල් පාරජම්බුල කිරණ වලට ඔරොත්තු දෙන ලෙස සාදා ඇත.