තුල්‍ය භාග
 

හතරෙන් පංගු 2 ක් ගත්විට එය භාගයක් වන අතර මේවා තුල්‍ය භාග ලෙසින් හැඳින්වේ. Proper Fractions

භාග සංඛ්‍යා කිහිප ආකාරයකින් ලිවිය හැකි බව අවබෝධ කර ගැනීම වැදගත්වේ.
ඒ අනුව, 1/2 යනු 2/4ම වුවත් එය සරලව 1/2 ලෙස යොදාගනී.

දැන් අප භාග සංඛ්‍යා සරල ආකාරයෙන් දැක්වීම කෙරෙහි අවධානය යොමු කරමු.
භාග සංඛ්‍යා සරල කර දැක්වීම වැදගත්වේ.


 













1/2 1/4 3/8

 

 

 

අප කෙදිනකවත් කේක් අලෙවි සැලකට ගොස් කේක් ගෙඩියකින් 50/200ක් දෙන්න යැයි ඉල්ලන්නේ නැත.

ඇත්තෙන්ම 50/200ක් යනු හතරෙන් පංගුවකි.

එය සිදුකරන ආකාරය බලමු.
පලමුවෙන්ම භාග සංඛ්‍යාවේ හරයෙන් හා ලවයෙන් 10 යේ බලයක් ඉවත් කරගනී. එය තවත් ආකාරයකින් කියන්නේ නම්, හරයේ හා ලවයේ 0 බැගින් කපා දමයි. පසුව හරයටත් ලවයටත් පොදු සාධකයකින් හරයත් ලවයත් සුළුකරයි.

මෙහි 5 හා 20 යන 2ටම පොදු 5 බැවින් 5න් හරයත් ලවයත් සුළුකර පිලිතුර 1/4 ලෙස සරලතම ආකාරයෙන් ප්‍රකාශකරයි.

මේ අනුව,
* භාග යනු කිසියම් දෙයක් විවිධ ප්‍රමාණවලට බෙදා දැක්වීමයි.
* මෙය ලියා දක්වනුයේ මෙලෙසය‍ උදා: ¾ තුන් කාල
* භාග සංඛ්‍යාවක ඉහලින් ඇති අගය ලවය වන අතර පහලින් ඇති අගය හරය වේ.
* එකම අගය විවිධ භාග සංඛ්‍යා වලින් නිරූපණය කලහැකි අතර ඒවා තුල්‍ය භාග ලෙසින් හැඳින්වේ.

උදාහරණ: 5/10 = 1/2 = 60/120
* ඇතැම්විට භාග සංඛ්‍යා සරලකර දැක්විය හැක.
* භාග සංඛ්‍යාවක් සරලකර දැක්වීමට නම් එහි හරයටත් ලවයටත් පොදුවන සාධකයක් තිබිය යුතුවේ.එවැනි සාධකයක් ඇත්නම් හරයත් ලවයත් එයින් බෙදීම මගින් එම භාග සංඛ්‍යාව සරල ලෙස ප්‍රකාශකලහැක.
* හරයටත් ලවයටත් පොදු සාධක කිහිපයක් ඇතිවිට වැඩිම අගය ඇති පොදු සාධකයෙන් හරය හා ලවය බෙදීම මගින් භාග සංඛ්‍යාව සරල කිරීම වඩා ඉක්මන්ය.
* හරය හා ලවය යන 2ම ඉරට්ට සංඛ්‍යා නම් පලමුව 2න් බෙදීම වඩා පහසුවේ.

 
(c) Shilpa Sayura Foundation 2006-2017