
සීගිරි රාජධානි සමය ලංකා ආර්ථික ඉතිහාසයේ ඉතා වැදගත් වකවානුවකි. එහෙත් එම සමය පිලිබඳ තොරතුරු සෙවීම ඉතා දුශ්කර වෙයි. සීගිරිය කරවූ කාශ්‍යප රජතුමා පිළිබඳව වංශ කතාවල දැක්වෙන්නේ කාශ්‍යප කුමරු තම පියා මරා රජවී, ආරක්‍ෂාව පිණිස බලකොටුවක් ලෙස සීගිරිය තනා, පසුව තම සොයුරු මුගලන් වෙතින් පරාජය ලැබ සියතින්ම බොටුව සිඳ දමාගන මිය ගිය බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරා විද්‍යා කොමසාරිස් එච්. සී, පී. බෙල් මහතා ද මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් ද විසින් ලේඛනගත කරන ශිලා ලිපි හා පුවරු ලිපිද මෑත යුගයේ සීගිරිය අවට කරණ ලද කැණිම් වලින්ද කාශ්‍යප රජතුමා සහ සීගිරිය පිළිබඳව වැදගත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.
