එන්ජිමක් සිසිල් අවස්ථාවේ දී පණගැන්වීමට ඩීසල් ඉන්ධන යම් නිශ්චිත උෂ්ණත්වයකට වැඩි කොට සැපයිය යුතු වෙයි. එසේ නොකළහොත් ජ්වලන උෂ්ණත්වයට නොපැමිණීමෙන් දහනය සිදු නොවේ. එවිට එන්ජිම පණගැන්වීම අපහසු වේ. මෙනිසා එන්ජිම සිසිල් අවස්ථාවේ දී සිලින්ඩරයට ඉන්ධන විදීමට පෙර දහන කුටීරය රත් කිරීමට යොදා ගැනෙන උපක්‍රමයක් ලෙස තාපන පේනු යොදා ගනියි. තාපන පේනු සෑම සිලින්ඩරයක ම දහන කුටීරයට සවි කොට ඇත.
එන්ජිම පණගැන්වීමට පෙර තාපන පේනු මගින් දහන කුටීරය රත් කොට ඉන්ධන විදීම සිදු කෙරෙයි. තාපන පේනු නිසියාකාර ව ක්‍රියානොකරන අවස්ථාවල දී ඩීසල් එන්ජිමක පණගැන්වීම අපහසු විය හැකි ය.
එන්ජිම පණගැන්වීමට පෙර තාපන පේනු මගින් දහන කුටීරය රත් කොට ඉන්ධන විදීම සිදු කෙරෙයි. තාපන පේනු නිසියාකාර ව ක්‍රියානොකරන අවස්ථාවල දී ඩීසල් එන්ජිමක පණගැන්වීම අපහසු විය හැකි ය.