අරය හා කේන්ද්‍ර වෙනස් වෘත්ත පොදු ස්පර්ශක නිර්මාණය
 

B කේන්ද්‍රය කර (b-a) අරය සහිත වෘත්තයක් අඳින්න.

BA යා කර ලම්භ සමච්ජේදකය ඇඳීමෙන් BA හි මධ්‍ය ලක්ෂය C සොයාගන්න.
C කේන්ද්‍රය කර  CB අරය කර වෘත්තයක් අඳින්න.එම වෘත්තයෙන් B හි කුඩා  වෘත්තය කැපෙන ලක්ෂය X හා Y ලෙස නම් කරන්න.
 
BX හා BY දික් කරන්න.එම රේඛා  B කේන්ද්‍රය ඇති ලොකු වෘත්තයට හමුවන ලක්ෂය P හා  Q ලෙස නම් කරන්න.
 
BP හා BQ ට සමාන්තරව AR හා  AS රේඛා අඳින්න.එවිට BP සමාන්තර AR ද,  BQ සමාන්තර AS ද, වේ.PR හා  QS යා කර අවශ්‍ය ස්පර්ෂක ලබා ගන්න. 
(c) Shilpa Sayura Foundation 2006-2017