වෘත්තාකාර රොටියක් සලකමු. මෙහිදී එය කොටස් 2කට බෙදා ඇත.
මෙසේ එය කොටස් 2කට බෙදූ පසු එක් කොටසක් මුළු එකෙන් භාගයක් වේ.
එය ½ ලෙස දක්වයි.
භාග සංඛ්‍යාවක් ගත්විට එහි යට ඇති අගය හරය නම් වන අතර එමඟින් මුළු කොටස් ගණන නිරූපණය කරයි.
ඉහලින් දක්වනුයේ ලවය වන අතර එමඟින් මුළු ප්‍රමාණයෙන් කිසියම් පංගුවක් නිරූපණය කරයි.
හරය හා ලවය සමාන වේනම් එමඟින් මුළු එකම දක්වයි.
මතක තබා ගැනීමට මෙය හරකා උඩ ළමයා ලෙස ගුරුවරු අපට ඉගැන්වූහ.
ඔබ මීට පෙර දැක තිබෙන භාග සංඛ්‍යා කිහිපයක් පහත වේ.
1/2, 1/4, 1/8, 1/3, 2/3,1/5