දී ඇති දිග අනුව AB පාදය අඳින්න.
දී අති කෝණය අදාල ශීර්ෂයේ (A වල) නිර්මාණය කරන්න.
අදාල දිග කවකටුව ගෙන එම දුර අරය කර A ශීර්ෂය කේන්ද්‍රය කර චාපයක් අඳින්න.(D ලක්ෂ්‍යය)
AB දුර අරය ලෙස ගෙන D කේන්ද්‍රය කර චාපයක් අඳින්න.AD දුර අරය ලෙස ගෙන B කේන්ද්‍රය කර චාපයක් අඳින්න. එම චාප දෙක කැපෙන ලක්ෂ්‍යය C ලෙස නම් කරන්න.ABCD සමාන්තරාස්‍රය සම්පූර්ණ කරන්න.
රොම්බසයද මේ ආකාරයට නිර්මාණය කළ හැක.