ත්‍රිකෝණයක අන්තර් වෘත්තය නිර්මාණය කිරීම
 

දී ඇති ත්‍රිකෝණය ABC ලෙස ගනිමු.

A හා B කෝණ සමච්ජේදක ඇඳ ඒවා හමුවන ලක්ෂ්‍යය O ලෙස නම් කරන්න.

O සිට AB ට ලම්භකයක් අඳින්න.

එම ලම්භකය AB කපන ලක්ෂ්‍යය P නම් OP අරයත් O කේන්ද්‍රයත් ලෙස ගෙන අන්තර් වෘත්තය අඳින්න.