දෙන ලද කෝණයක් පිටපත් කිරීම
 
  • දී ඇති කෝණය BAC වේ. 
  • නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන කෝණයේ එක් බාහුවක් PQ ලෙස අඳින්න. 
  • A කේන්ද්‍රය කර BAC මත XY චාපය අඳින්න.
  • එම චාප දුර වෙනස් නොකර P කේන්ද්‍රය කර PQ, R හිදී කැපෙන සේ චාපයක් අඳින්න. 
  • XY දුර, අරය ලෙස ගෙන R කේන්ද්‍රය ලෙස ගෙන චාපයක් අඳින්න.
  • චාප දෙක ජේදනය වන ලක්ෂ්‍යය S ලෙස නම් කරන්න. 
  • PS යා කර T දක්වා දික් කරන්න. BAC = QPT වේ.

  • PS යා කර T දක්වා දික් කරන්න. BAC = QPT වේ.


(c) Shilpa Sayura Foundation 2006-2017