අලෙවිකරණයේ ගැටළු
 1. අලෙවිය යනු විකිණීම පමණක්ය යන සංකල්පය මත කටයුතු කිරීම.
නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ ලබා දීමේ දී සිදුවන ව්‍යාපාර ක්‍රියාදාමයන් (භාණ්ඩ රැස් කිරීම, වර්ග කිරීම, තේරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, මුදල් යෙදවීම, සැකසීම, අලෙවිය) යන සියළු ක්‍රියාමාර්ග එකට ගෙන කටයුතු කිරීම අවශ්‍ය වේ.

2. නිෂ්පාදකයා සහ වෙළෙඳ පොළ අතර, සම්බන්ධතාවක් නොමැති වීම
නිෂ්පාදකයා පාරිභෝගිකයාගේ අවශ්‍යතා නොදැනීම මෙහි ප්‍රධාන බාධකයකි. රාජ්‍ය අංශය සහ අලෙවි කාර්යය කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම, හුවමාරු කාර්යයන් සහ බෙදා හැරීමේ කාර්යයන් සඳහා පුද්ගලික අංශයෙන් ආධාර ලැබෙතත් මුල්‍ය පහසුකම් වැඩි කිරීම, අලෙවි අවධානම අඩු කිරීම, අලෙවි තොරතුරු ප්‍රචාරය කිරීම, අලෙවි පර්යේෂණ වැනි සේවා කාලයන් ශ්‍රී ලංකාවේ ඉතා පහත් මට්ටමක පවතී. මෙම අංශය කෙරෙහි රාජ්‍ය අංශයේ දායකත්වය වැඩිවිය යුතුය.

3. ප්‍රවාහන අපහසුතාවය

4. ඇසිරීමේ ක්‍රමවල දුර්වලතා
මෙහිදී රාජ්‍ය අංශයෙන් ඇසුරුම් ක්‍රම පිළිබඳ පර්යේෂණ පවත්වා ගොවි ජනයාට හඳුන්වා දීම වැදගත්ය. කෙසෙල් වැනි පලතුරු මිළදී ගැනීමේ දී වසර පුරා මිළදී ගත හැකි වුවත්, ඒ සඳහා අලෙවි රටාව හැඩ ගැසී නැත.

5. රජය මගින් තීරණය කරනවාට වඩා වැඩි මිලක් පෞද්ගලික ආයතන වලින් ගෙවීම
මෙහිදී සතොස ක්‍රියාකාරිත්වය මගින් මිරිස් වෙළඳ පොළේ තරඟකාරිත්වය වැඩි කිරීම, හොඳ ආදර්ශයක් ලෙස පෙන්වා දිය හැකිය.

6. ප්‍රාදේශීය විශේෂිකරණයෙන් යුක්ත නිෂ්පාදන සැලැස්මක් අනුගමනය නොකිරීම.

7. ගොවීන් සංවිධානාත්මක නොවීම.

(c) Shilpa Sayura Foundation 2006-2017