අලෙවිය
 

"නිෂ්පාදකයා ගේ සිට පාරිභෝගිකයා දක්වා කිසියම් භාණ්ඩයක් ළඟා වීමේ දී සිදුවන ව්‍යාපාර ක්‍රියාදාමයන් සියල්ල අලෙවිය ලෙස හඳුන්වනු ලැබේ. මෙම ක්‍රියාවලියේ දී එක්රැස් කරන්නන්, ප්‍රවාහකයන්, තොඟ වෙළෙඳුන්, සිල්ලර වෙළෙඳුන් සහ බ්‍රෝකර්වරුන් වැනි විවිධාකාර පුද්ගලයන් මීට සම්බන්ධ වේ.

අලෙවියේ විවිධ අවස්ථා :-
1. ගොවි ද්‍රව්‍ය එකතු කිරීම
2. ඇසිරීම
3. පැටවීම
4. වර්ග කිරීම
5. ප්‍රවාහනය කිරීම
6. ගබඩා කිරීම
7. අලෙවියට මුදල් යෙදවීම
8. විකිණීම යන අවස්ථා

පාරිභෝගිකයාට අවශ්‍ය ස්ථාන වලදී, අවශ්‍ය වේලාවට, අවශ්‍ය ආකාරයෙන් භාණ්ඩ බෙදා හැරීම සහ මෙම සේවාවන් ඉටු කිරීම සඳහා එකත‍ වී ඇති ආයතන වන මෙම සියල්ල එක් රැස් කර ගත් විට, එය අලෙවි ක්‍රමය ලෙස නම් කරයි.

පාරිභෝගිකයාට අවශ්‍ය කෘෂි ද්‍රව්‍ය අවශ්‍ය ආකාරයෙන් අවශ්‍ය ස්ථානයේ දී අවශ්‍ය කාලයේ දී සැපයීම අලෙවි ක්‍රමයක ප්‍රධාන අරමුණ විය යුතුය. ශ්‍රී ලංකාවේ මෙවැනි පද්ධතියක් ගොඩ නඟා ගැනීම සහ පවත්වා ගැනීම, ගොවීන්ට අපහසු වී ඇත.

1. ගමේ ගොවි පොළේ සහ කඩ මණ්ඩියේ අලෙවි කිරීම.
2. නාගරික වෙළෙඳ මධ්‍යස්ථානවල අලෙවි කිරීම.
3. අතරමැදියන් මගින් අලෙවි කිරීම.
4. සංවිධිත පුද්ගලික සමාගම් ඇසුරෙන් අලෙවි කිරීම.
5. රාජ්‍ය ආයතන මඟින් අලෙවි කිරීම මෙහිදී දක්නට ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017