ඉල්ලුම සහ සැපයුම අතර, සම්බන්ධතාවය සමබරව පවත්වා ගැනීම සඳහා ගබඩා කිරීම කෘෂි ද්රව්යවලදී උපයෝගි කර ගනු ලැබේ. ගබඩා කිරීම ආකාර කීපයකට කරනු ලැබේ.
1. කෙටි කාලීන ගබඩා කිරීම
2. මධ්‍යස්ථ ගබඩා කිරීම
3. දිගු කාලීන ගබඩා කිරීම
මෙම ගබඩාවලදී කෘෂි ද්‍රව්‍යවල තත්ත්වය පිරිහීමෙන් හෝ කෘෂි නාශකවලින් පලදාවෙන් සෑහෙන ප්‍රමාණයක් නැති වී යා හැකිය. තෙතමනය 14% පවත්වා ගැනීමෙන් ධාන්‍යවලට වන හානිය අවම කර ගත හැකිය. කෘමීන්ගෙන් වන හානිය අඩු කිරීමට ගබඩා පිරිසිදු කර තබා ගැනීමත්, උෂ්ණත්ව පාලනයක් යොදා ගත හැකිය. නියමිත පරිමාණ අනුකූලව පමණක් රසායන ද්‍රව්‍ය යෙදීමෙන් ද කෘමීන් මර්ධනය කළ හැකිය. ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමේ දී මෙම රසායන ද්‍රව්‍ය භාවිතය ප්‍රවේශමෙන් කළ යුතුය. ගබඩා කරන ලද කෘෂි ද්‍රව්‍ය, ධාන්‍ය ආදී ඇට වර්ගයක් නම් දැව අලු එක කොටසකට ධාන්‍ය (බර අනුව කොටස් හතරක්) හුණු 1:ධාන්‍ය 2 ක් බරින්, ජිප්සම් 1: ධාන්‍ය 6 ක් බරින් හෝ යොදා ගත හැකිය.
කෘමීන් අප්‍රිය කරන දෙහි කොළ වැනි ද්‍රව්‍ය යොදා ගත හැක. ගබඩා කරන්නේ කෙටි කාලයක නම් ගෝනිවලින් එය කළ හැකිය. මෙහිදී විනාඩි 15 ක් පමණ ගෝනි තම්බා වියලා ගැනීම අවශ්‍ය වේ. ගබඩා කරන්නේ ගොඩනැගිලි වල නම් ඒ සඳහා හොඳින් වාතාශ්‍රය ලැබෙන ශක්තිමත් ගොඩනැගිලි යොදා ගත යුතුය. එළවළු හා පලතුරු ගබඩා කිරීමේදී 70%ක් පමණ ජලය අඩංගු වීම නිසා අඩු උෂ්ණත්වයක් සහිත යොදා ගනී. ඒවාට කඩදාසි ආවරණ යොදා ගනී. ඒවාට කඩදාසි ආවරණ යොදා ගැනීම දිගු කාලයක් තබා ගැනීමට හේතු වෙයි. සාමාන්‍ය උෂ්ණත්වය ගබඩා කර ගනු ලබන එළවළු හා පලතුරු ඉටි ආවරණයක් යොදා ගැනීමට හේතු වෙයි. සාමාන්‍ය උෂ්ණත්වය ගබඩා කර ගනු ලබන එළවළු හා පලතුරු ඉටි ආවරණයක් යොදා වැඩි කාලයක් තබා ගත හැකිය. 5% ඉටි ද්‍රව්‍යක ඔබා විදුලි පංකාවක් යට වියලා ගැනීම මෙහිදී කරයි.
ගබඩාවන් නිති පතා පිරිසිදු විය යුතුය. ගබඩාවේ ගෝනි ගොඩ ගසා ඇති කොටස් අතර ඉඩ කඩ, වහළ, වා සිදුරු යනාදිය හොදින් පිරිසිදු විය යුතු අතර බිම ඉසිරෙන ද්‍රව්‍ය ඉක්මණින් ඉවත් කළ යුතුය. හිරු එළිය හොදින් ලැබෙන සේ දොර ජනෙල් විවෘත කිරීම, වාතාශ්‍රය හොදින් ලැබීමට හේතු වේ. රසායන ද්‍රව්‍ය යෙදීමේදී නියමිත පරිමාණයක් භාවිතා කිරීම වැදගත් වන අතර, ධූමකරණය භාවිතා කළ යුත්තේ අනෙක් ක්‍රම සියල්ල අපහසු නම් පමණී.