ධාන්යවලදී අස්වනු සකස් කිරීම, අමුද්‍රව්‍ය ලෙස කරයි. වෙනත් භාණ්ඩවලට පෙරලා සකස් කිරීම අඩුවෙන් සිදුවේ. කිරි මණ්ඩලයේ කිරිවලින් කිරි, චීස්, යොගට්, කල්කිරි ලෙස සකස් කිරීමක් කරතත්, ධාන්යවලදී එසේ නැත. ධාන්යවලදී වේලීම, පෙලීම, වර්ග කිරීම, ඇසිරීම යන ක්‍රියාවලියන් සිදු කරයි. අර්තාපල් වැනි අල බෝගයකදී නම් අර්තාපල් විෂ්කම්භය අනුව වර්ග කරයි. විෂ්කම්භය අඟලක පමණ අල බීජ තුළ ලෙසට ද ඊළඟ කන්නය සඳහා ගබඩා කර ගනී. විශාල අල අලෙවි කිරීමට පිළියෙළ කරයි.
මුං ඇට වැනි මාංශ බෝගයක් නම් කරල්වලින් ඇට වෙන් කර, හිරු එළියෙන් වේලා ගනී. ඊළඟ කන්නයේ වගා කරන ඒවාට කෘමි නාශකයක් මිශ්‍ර කර ගබඩා කරයි. ආහාරයට ගන්නා ඒවා හොඳින් වේලා ගබඩාවට යවයි.
මිරිස් වැනි කුළු බඩු බෝගයක් ගෙන බැලුවහොත් දීප්තිමත්ව රතු පැහැයට පත් කර ගැනීම සඳහා නෙළා ගත් කරල් දින 2 ක් හෝ 3 ක් කාමරයක ගොඩගසා තබා ඉන් පසු දිනක් සෙවනේ වේලා ඊළඟ දින පහේ අව්වේ වියළා ගනී. තුන්වන දිනයේ දී ලෑල්ලකින් තලා පැතිලි කර ගනී. අමුකහ වැනි වර්ගයක් නම් ඉඟි අල සහ වම් අල වියලා පදම් කරයි. මෙහිදී සේදීම, තැම්බීම, වියළා ගැනීම, ඔප දැමීම වැනි කරයුතු කරයි.
රතුළුනු වලදී බල්බයක් පත්‍රවලින් මිටි බැඳ දින කිහිපයක් මඳ පවනේ වේලා ගත යුතුය. ඉන් පසු මුල් සහ බල්බ වල අග්රස්ථ කොටස් ද පත්‍ර ද කපා දමා නැවත වියළා ගනී. කපු වැනි කෙදි බෝගයක් නම් බීජ පුළුන්වලින් කෙඳි වෙන්කර ගෙන කපු කැටීම, බේල් කිරීම, වර්ග කිරීම ආදිය කරනු ලැබේ. රටකජු වැනි තෙල් බෝගවලදී අස්වැන්න නෙලා වර්ග කර වියළා ගනු ලැබේ. දුම්කොළ වලදී පත්‍ර කහපැහැ ගැන්වීම, පැහැය තහවුරු කිරීම, පත්‍ර වියළා ගැනීම, මැද නාරටි වියළා ගැනීම, දුම් කොළ ශ්‍රේණි කිරීම යන කටයුතු කරනු ලැබේ.
සමහර එළවළු වර්ග නෙලූ විගස සෝදා සීතල කිරීමෙන් ශ්වසන වේගය අඩු කළ හැකිය. අතිරික්ත එළවළු කරවිල, කැරට් අළුකෙසෙල්, බෝංචි සහ ලූණු වැනි එළවළු වියලා සකස් කළ හැකිය. පලතුරු වලින් චට්නි සෑදීම, ජෑම් සෑදීම, බීර සෑදීම, වයින් සෑදීම යන ක්‍රියාවලියක් කළ හැකිය. අඹ වැනි පලතුරු ශ්‍රේණි කර හොඳ තත්ත්වයේ ඒවා හොඳින් වාතාශ්‍රය සහිත පෙට්ටිවල අහුරා වෙළඳ පොළට යවන අතර සමහරක් පලතුරු යුෂ නිෂ්පාදනයට යවනු ලැබේ. ඖෂධ වර්ග වෙළඳ පොළට යැවීමට වියළා සකස් කරනු ලැබේ. සමහර වර්ග අරිෂ්ඨ පිළියෙළ කරයි. එහෙත් මල් වර්ග වෙළඳ පොළට සැපයීමේ දී හැකි ඉක්මනින් විදේශ වෙළඳ පොළට යැවීම සඳහා මල් කපා සෝදා මල් වර්ග කිරීම, මලේ වර්ණය සහ ඇන්තූරියම් මල් කොලපුවේ විෂ්කම්භය මත සිදු කර, විශේෂයෙන් පිළියෙළ කරන ලද කාඩ් බෝඩ් පෙට්ටිවල ඇතිරීමට යොදා ගනී. මල් නටුව අග තෙත පුළුන් කැබැල්ලක් ඔතා ඒ වටා පොලිතින් කවරයක් යෙදීමෙන් පසුව, නූලකින් ගැට ගසා ගනී. කොළපුවේ ප්‍රමාණයට විශාල සිනිඳු කඩදාසියක් ගෙන සිදුරු කර ඡද ශූතිය ඇතුල් කර කොළපුව මනාව තබා ගනී. ඉන්පසු කොළපුවේ ප්‍රමාණයට සමාන පොලිතින් කවරයක් ගෙන ඡද ශුතිය සහ කොළපුව එහි බහාලයි. ඇන්තූරියම් මල්වල විශාලත්වය අනුව, පත්‍ර පිටු වෙලන ලද පෙට්ටියේ ප්‍රති විරුද්ධ දිශාවලට මල් 120ක් පමණ අතුරනු ලැබේ.
වී කෙටීම සඳහා වී අලෙවි මණ්ඩලය සහ පුද්ගලික වී මෝල් හිමියන් කටයුතු කරතත්, ඒවායේ පහසුකම් මදිවීම අස්වැන්නේ ගුණාත්මක භාවයට බලපායි. බොහෝ රටවල මෙන් සීත කළ එළවළු භාවිතය ලාංකිකයනට තාමත් හුරු නැත. අතිරික්ත පලතුරු වලින් නිෂ්පාදන සෑදීම තවමත් ලංකාවේ ක්‍රමානුකූලව සිදු නොවේ.