යම් බෝගයක් වගා කළ ගොවියෙකු ගේ බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීමට අදහස් කරන්නේ, අස්වනු නෙළන කාලයේදී ය. අස්වැන්න සාර්ථක නම් එය ඉටුවන අතර, අස්වනු අසාර්ථක නම් බලාපොරොත්තු කඩ විය හැකිය.
බෝග වර්ගය අනුව, අස්වනු වර්ගය වෙනස් වන නිසා අස්වනු නෙලන කාලයේ දී ශ්‍රමය, භාවිතා කරන උපකරණ වැනි අස්වනු කටයුතු ද වෙනස් වේ.
වී අස්වැන්න නෙළා ගැනීමට උත්සාහ කරන ගොවියා ධාන්‍ය පාගා ගැනීමට උස් බිමක කමතක් සකස් කළ යුතුය. බෝග වර්ග කිහිපයක් වගා කොට ඇත්නම් තීරණ කිහිපයක් ගත යුතු වේ. උදාහරණ ගත හොත් මයියොක්කා වැනි අල බෝගයක අස්වැන්න ගැනීම පසුවට කල් තබා එළවළු වගාවේ අස්වැන්න-මුලින් ගැනීම කරනවා විය හැකිය. සමහර විට මෙම තීරණය පාඩු සහිත වීමට ද පුළුවන.
වී වගාවේ දී ධාන්‍ය කළට වේලාවට රැස්කර ගැනීම සහ නියම ක්‍රමානුකූලව රැස්කර ගැනීම ඉතා වැදගත් වනුයේ, එහිදී අපතේ යන ප්‍රමාණයන් නිෂ්පාදන වියදම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරන හෙයිනි.
අස්වැන්න නෙළීමේ දී බෝගය අවශ්‍ය පමණ මෝරා තිබේද යන්න සැලකිල්ලට ලක් කළ යුතුවාක් මෙන්ම කාලගුණය ගැන ද සැලකිලිමත් වීම වැදගත් ය.
ඊළඟ බෝගයට බිම සැකසීමට අවශ්‍ය කාලය තිබේද යන්නත්, අවශ්‍ය පමණ කම්කරු ශ්‍රමය ලබාදිය හැකිද, ප්රවාහණය කිරීමේ අවස්ථා සලසා ගත හැකි ද යන්නත්, අස්වනු නෙළීමට ප්‍රථම සලකා බැලිය යුතු කරුණු වේ. ශ්‍රමය පහසුවෙන් ලබා ගත හැකි අවස්ථාවේ මිනිස් ශ්‍රමය යොදා ගත හැකි අතර, යාන්ත්‍රික බලය ලාචදායි නම්, එය යොදා ගැනීමද කළ හැකිය.
කෘෂි ද්‍රව්‍යවල ඉල්ලුම සහ සැපයුම අතර, සම්බන්ධතාව සමාකාරව තබා ගැනීමට සමහර අවස්ථාවල දී කෘෂි ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීම අවශ්‍ය විය හැකිය. අස්වැන්න නෙළා ගැන්මේ සිට පාරිභෝගිකයා වෙතට යන තෙක් කරන මෙම ක්‍රියාවලිය කෙටි කාලීන මෙන් ම දිගු කාලීන දවිය හැකි අවස්ථා කෘෂිකර්මයේ දක්නට ලැබේ.