සන්නිකර්ෂණය
 

ගණිතයේදී භාවිතා වන pi නම් වූ විශේෂ සංඛ්‍යාවෙහි අගය 3 අවට අගයක් වන අතර නමුත් ගණනය කිරීම් වලදී ඒ සඳහා 3 යොදාගැනීම නිවැරදි නොවේ.

ඒ සඳහා 3.14 ලෙස යොදාගැනීම නිවැරදි වන අතර වර්ථමානයේ භාවිතාකරන විද්‍යාත්මක ගණක යන්ත්‍ර වල piහි අගය ලෙස 3•14159265359 යොදාගනී.

දැන් අප පහත දැක්වෙන piහි විවිධ සන්නිකර්ෂණ භාවිතකර, දී ඇති වෘත්තයේ පරිධිය ගණනය කිරීම සලකා බලමු.

වෘත්තයේ විශ්කම්භය d=10cm කි.
වෘත්තයේ පරිධිය c ලෙස ගත්විට,c = pi × d වේ.


1. c = pi × d = 3 × 10 = 30 cm


2. c = pi × d = 3•14 × 10 = 31•4 cm


3. c = pi × d = 3•14159265359 × 10

= 31•4159265359 cm


මේ අනුව,

1 පිලිතුර පිලිගත හැක
2 වඩාත්ම නිවැරදිවන අතර එහිදී වෘත්තයේ පරිධිය ආසන්න මිලිමීටරයට   නිවැරදිව දක්වා ඇත.
3 හි පිලිතුර උවමනාවට වඩා දක්වා ඇති අතර මෙතරම් දුරට පිලිතුරක් කිසිවිටෙකත් ඔබ අප බලාපොරොත්තු වනවාද?

 

නමුත් d=10cm  ලෙස මෙහි දී ඇති වෘත්තයේ විශ්කම්භය කොතරම් දුරට නිවැරදිද?
එය ආසන්න සෙන්ටිමීටරයට හෝ මිලිමීටරයට ද යන වග සැලකුවේද?

(c) Shilpa Sayura Foundation 2006-2017