භූමියේ අවශ්‍යතා
පස කළමණාකරණය කාබනික කෘෂිකර්මයේ පදනමයි. එනම් ශාකය පෝෂණය කිරීමට පස පෝෂණය කිරීමයි.
පසේ සරුබව
පස කළමණාකරණයේදී භාවිතා වන කාබනික ක්‍රමවේදයන්ගෙන් පස තවදුරටත් සාරවත් කරයි. පස ජීවී පරිසරයක් නිසා එහි සමබරතාවය හා තිරසාරභාවය රැකෙන පරිදි පස කළමණාකරනය කළ යුතු වේ. බොහෝ ගොවිපල වල දිරායන කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීම
පසේ pH අගය සමබර කරයි
පසේ ව්‍යුහය දියුණු කරයි.
පාංශූ ජීවී ක්‍රියාවලිය ඇතිකරයි.
පසේ වැඩෙන ශාක වලට උරාගත හැකි ජලය රැඳීමේ හැකියාව වැඩිකරයි.
නිසි ජල අපවහනයෙන් පස සෝදා යාම වලක්වයි.
කාබනික වගාවේදී පස ගොඩනැගීමේ ක්‍රියාවලිය සමග දියරාකාර පෝෂක ද්‍රව්‍ය භාවිතය සිදුකරයි.
කාබනික භූමිය සැකසීම
මෙහිදි භාවිතා වන ක්‍රමවේද පස සහ ජලය සංරක්‍ෂණය අරමුණු කරගනී.
මෙහිදී වල් නාශණය කළමණාකරණයකළ යුත්තේ පසේ සහ ජලයේ තත්වය රැඳෙන අයුරිනි. මෙහිදි අවම උපකරණ භාවිතාවේ. (chisel plows, disks, spaders, and harrows). බොහෝ ගොවීන් තම ගොවිබිම තවාන් ආකාරයට සකස්කරගෙන වල් නාශනය පහසු කරගනිති.
පෝෂක කළමණාකරණය
පස ගොඩනැගීමේ ක්‍රියාවලියට ශාක , ආහාර නික අපද්‍රව්‍යක්ම භාවිතා වේ. මෙය පොහොර යෙදීමට වඩා වෙනස්ය. ශාක සඳහා අවශ්‍ය නයිට්‍රජන්, පොස්පරස්, පොටැසියම් සහ කැල්සියම් ලබාදෙන බොහෝ කෘතිම පොහොර කාබනික වගාවේදී භාවිතා නොකෙරේ.
බොහෝ කාබනික ගොවීන්හට කෘතිම පොහොරවල සිට කාබනික පොහොර වලට මාරුවීම අභියෝගයකි. නයිට්‍රජන් කළමණාකරණය මෙහිදි ඉතා වෙනස්ය. මෙහිදී ස්වාභාවික වායු හා ඉන්දන දහනයෙන් සාදාගන්නා දියවෙන කෘතිම නයිට්‍රජන් වෙනුවට කොම්පෝස්ට් හා සත්ව පොහොර මගින් නයිට්‍රජන් ලබාදේ. මේ ලෙසින් ලබාදෙන නයිට්‍රජන් කල් පවතින අතර සෙමෙන් නිදහස් වේ.
නයිට්‍රජන් ඉතා ඉක්මනින් ශාකයට නොලැබීමෙන් ශාකයේ වැඩීමට ගතවන කාලය වැඩිවීඅස්වනු නෙලාගැනීමට ගතවන කාලය වැඩිවේ.
කොමිපෝස්ට් සහ සත්ව පොහොර කළමණාකරණය
සත්ව පොහොර කාබනික වගාවකට ඉතා වැදගත්ය. එසේම සත්ව පොහොරවල රෝගකාරක බීජයන්ද තිබිය හැක. දියවන හෝ කුඩුවන පෝෂක වලින් ජලය දූෂණය සිදුවීමටද ඉඩ ඇත. ඒ අතර වල් බීජ තිබිය හැක.
කාබනික නොවන ගොවිපල වලින් ලබාගන්නා සත්ව පොහොර වල ප්‍රතුජීවක, පරපෝෂිතයින්,කෘමිනාශක, හෝමෝන ආදී දේ තිබිය හැක.
කොම්පෝස්ට් පොහොර භාවිතය කාබනික වගාවේ මූලික අංගයකි. කොම්පෝස්ට් භාවිතය රෝගකාරක බීජයන් අඩුකරයි, වල් බීජ විනාශ කරයි. කාබනික ද්‍රව්‍ය දිදිරවයි. ඉන් පෝෂක ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ශාකයට ලබාදේ.
දියවීම අඩු පෝෂක ද්‍රව්‍ය ක්‍ෂුද්‍ර ජීවීන් විසින් කා දැමීමෙන් දියවීම වැඩිවේ.
කාබනික සම්මතයන්ට කොම්පෝස්ට් කිරීමට පෙර සත්ව හා ශාක ද්‍රව්‍ය කාබන් හා නයිට්‍රජන් පරිමාණය 25:1 හා 40:1 අතර විය යුතුය.
යම් ආකාරයකින් කොමිපෝස් නොකර සත්වIපොහොර යොදන්නේ නම්, එය පසට මිශ්‍ර කළ යුතුය. පස මත තැබීම නුසුදුසුය.
කාබනික ගොවීන් තම වගාවන් පරපෝෂිතයන්ගේ ජීවන චක්‍ර බිඳෙන අයුරින් හා රෝග කාරක ප්‍රචාරණය නොවන අයුරින් කළ යුතුය.
කැණීම් වලින් ලබාගන්නා ඛනිජ පෝෂක
පොස්පේට් පාෂාණ,ජිප්සම්,හුණුගල්, පොටෑසියම් සල්පේට් සහ මැග්නීසියම් සල්පේට් කාබනික වගාවට කැණීම් වලින් ලබාගන්නා ඛනිජ පෝෂක වේ. කොම්පෝස්ට වලට පසුව වඩාත් භාවිතවන්නේ රසායනික ක්‍රම භාවිතා නොකළ පොස්පේට් පාෂාණයි. (rock phosphate)
පොස්පේට් පාෂාණ කොම්පෝස්ට් වලට එකතු කිරීමෙන් එහි පොස්පේට් සංයුතිය වැඩිකළ හැකිය. මේ අතර කැල්සියම් සඳහා ජිප්සම් හා හ හුණුගල් එකතු කළ හැක. මේ ද්‍රව්‍ය භාවිතයේදී ජල දුෂණය වීමට ඉඩ නොතිබිය යුතුයි.
දවන ලද ලී සහ අනිකුත් ශාක වල අළු ඉතා හොඳ ආර්ථිකමය කාබනික පෝෂකයකි. අළු කොම්පෝස්ට් සමග මිශ්‍ර කර පොෂක සමබරතාවය ලබාදිය හැකිය.
අළු පසේ pH අගය සහ ව්‍යුහය කෙරෙහි බලපායි. සමහර අළුවල ශරීරයට අහිතකර ආසනික් සහ ඊයම් තිබිය හැක.
සත්ව පොහොර අළු භාවිතය සුදුසු නොවන්නේ එය නිශ්පාදනයේදී ඇතිවන පාරිසරික බලපෑම නිසාය. එය අන් ක්‍රමවලට වඩා පසටද අහිතකර ලෙස බලපෑ හැකිය.
බීජ සහ තවාන්
කාබනික වගාවේ හැකි සෑම අවස්ථාවකම කාබනික බිජ යොදාගැනේ.
වගා මාරු
මේ මගින් එකම භූමියක බෝගය මාරු කර වගා කරයි. එයින් පසේ පෝෂක සංවහනය කාර්යක්ෂම වේ. ඉන් කෘමීන්ගේ හා පලිබෝධක වල ජීවන චක්‍ර කැඩේ. වල් බෝවීම අඩුවේ. නිසියාකාරව බෝග මාරුව වගාවට හිතකර පාංශු ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ගහණයද විවිධාංගීකරණය කරයි. ඉන් කාබනික ද්‍රව්‍ය වෑඩිවේ. පර සංරක්‍ෂණය වේ.
ගොවිපල සැලැස්මේ කුමන බෝග කුමන කාලවලදී වෙනස් විය යුතු බව සඳහන් කරයි. තිරසාර බෝගමාරුවකට බෝග විවිධාංගීකරණය කළ යුතුය.
බෝගමාරුව පලිබෝධක සහ රෝග වලක්වා ගැනීමටද ප්‍රයෝජනවත්ය. මේ නිසා බෝග මාරුව කාබනික කළමණාකරණයේ ඉතා වැදගත්ය.
කෘමීන්
කබනික වගාව රසායනික භාවිතයෙන් තොරව කෘමීන්ගෙන් රැකගත යුතුය. රසායනික භාවිතය මානව සෞඛ්‍යයට හා පරිසරයටද හානිකරය. ස්වාභාවික සතුරන් යොදවා කෘමි නාශනය කෘමීන් පාලනයට භාවිතා කෙරේ. මෙහිදී කාලීනව හා නියම ප්‍රමාණයෙන් ස්වාභාවික සතුරන් යෙදවීම කළ යුතුවේ. කෘමීන් පාලනයට විවිධ යාන්ත්‍රක ක්‍රම ද, කෘමීන් අධෛර්යමත් කරන බාධකද යොදා ගනී. මේ උගුල් වල ඇම ලෙස ඇමෝනියම් කාබනේට් යොදාගනී. නමිත් එය වගාව සමග නොගෑවෙන ලෙස භාවිතා කළ යුතුය. ගස්වලට කෘමීන් ඇලවෙන මැලියම් වර්ගද ඇත.
රෝගී ශාක සම්පූර්ණයෙන් වගාවෙන් ඉවත් කර පුලුස්සා දැමීමෙන් රෝග කාරක ප්‍රචාරණය වලක්වා ගත හැක.
වල් කළමණාකරණය
මෙය කාබනික වගාව ආරමිභයේදීම සැලසුම් කෙරේ. අතින් ගලවා වල් ඉවත්කිරීම වඩාත් හොඳම ක්‍රමය වූවත්, ශ්‍රම හා කාලයේ වියදම් අධිකය. බෝග මාරුව සහ තරඟකාරී බෝග වගාව මීට පිළියමකි.