කාබනික ගොවිතැන සඳහා භූමිය
  බිම් සකස් කිරීම අවශ්‍ය වන්නේ ඇයි?
  • පස බුරුල්කර බෝගවලට ගැළපෙන ලෙස ගෙවත්ත සකස් කිරීමට.
  • අනවශ්‍ය ගල් මුල් ඉවත් කර වල්පැළෑටි මර්දනය කිරීමට.
  • පසේ ව්‍යූහය හා වාතය බෝගයට අවශ්‍ය පරිදි ලබා දීමට.
  • පසේ ඇති වැඩිපුර ජලය ඉවත්කොට පාංශු ජලය සුදුසු පරිදි ලබා දීමට.
  • පසේ ඇති අහිතකර පළිබෝධක බිත්තර වැනි දේ ඉවත් කිරීමට.
  • පොහොර පස් සමඟ හොඳින් මිශ්‍රව බෝගයට ලබා ගැනීමට උදව් වීමට.
  • වගා සාත්තු කටයුතු පහසු කර ගැනීමට.
වගා බිමේ ඇති කැලැ ඉවත් කොට බෝග සිටුවන තෙක් පස පෙරළීම,කැට පොඩි කිරීම , මට්ටම් කිරීම සිදුකරනු ලැබේ. මෙය මූලික බිම් සකස් කිරීමයි.

බිම් සකස් කිරීමේ ඊළඟ පියවර අතුරු යත්ගෑමයි. එය කරනු ලබනුයේ බෝග සිටුවීමෙන් පසුවය. මෙහි දී පස බුරුල් කිරීම , පොහොර කලවම් කිරීම , ගස් මුල් වලට පස් දැමීම හා වල්පැළ මර්දනය සිදු කරයි.

බිම් සකස් කිරීම සඳහා උදැල්ල , අත් මුල්ලුව , අත් ස්කෝප්පය , පාගන මුල්ලුව , උදලු මුල්ලුව , අලවංගුව වැනි උපකරණ මෙන්ම බිම විශාල නම් නගුල් , පෝරු වැනි උපකරණ ද භාවිතා කළ හැක.
බිම් සැකසීම් කිසිවක් නොකර ශූන්‍ය බිම් සැකසීම් සිදුකර වගා කළ හැකි අවස්ථා ද ඇත.සමහර බෝග සඳහා අවම ලෙස බිම් සැකසීම කළ හැකි අතර තවත් සමහර බෝග වර්ග සඳහා උපරිම සැකසීමක් අවශ්‍ය විය හැක.
(c) Shilpa Sayura Foundation 2006-2017