නිපුණතාවය හා ක්‍රියාකාරකම්
කාබනික කෘෂිකර්මය පිළිබඳ මූලික අවබෝධයක් ලබයි.
කාබනික කෘෂිකර්මය ප්‍රධාන මූලධර්ම හතරක් මත පදනම් වේ.
ඒවානම්
- සෞඛ්‍ය ආරක්‍ෂණය
- පාරිසරික සමතුලිත බව
- ක්‍රියාවලියේ සාධාරණ බව
- රැකබලාගැනීමේ ක්‍රමවත් බව
සෞඛ්‍ය ආරක්‍ෂණය
කාබනික කෘෂිකර්මය පසේ, ශාකයේ, සතුන්ගේ සහ මිනිසාගේ සෞඛ්‍යට හිතකර හා තිරසාර කරවන ක්‍රියාවලියකි. එහි අරමුණු වන්නේ තත්වයෙන් උසස් හා පෝෂණ ගුණයෙන් ඉහල නිශ්පාදනය සහ සෞඛ්‍ය ආරක්‍ෂණයට අහිතකර කෘතිම පොහොර, කෘමිනාශක හා බෙහෙත් වර්ගද ද භාවිතා නොවීමය.
පාරිසරික සමතුලිත බව
කාබනික කෘෂිකර්මය පරිසරයේ සමතුලිත බව සමග සබැඳිය යුතු අතර පරිසරයේ තිරසාරතාවය අරමුණු වේ. එහිදී කාළගුණය, භූමිය , වාතය, ජලය, ජීව විවිධත්වය ආරක්‍ෂා වන පරිදි කටයුතු කරයි.
ක්‍රියාවලියේ සාධාරණ බව
කාබනික කෘෂිකර්මයේ ක්‍රියාවලි පරිසරසයට හා ජීවයන්ට සාධාරණ විය යුතුය. එනම් ඇතිකරන සතුන්ගේ මානසිකත්වයට හා සාමාන්‍ය ජීවත්වීමට සුදුසු පරිසර භාවිතා කළ යුතුවේ.
තවද ස්වාභාවික හා පරිසර සම්පත් භාවිතයේදී අනාගත පරම්පරාවන්ටද ඒවා භුක්ති විඳීමට හැකිවන පරිදි භාවිතා කිරීමට සාධාරණ විය යුතුය. එනම් නිශ්පාදනය, බෙදාහැරීම, විකිණුම් කටයුතු වලදී පාරිසරික හා සාමාජීය කරුණුද කෙරෙහි සාධාරණ වීමය.
ක්‍රමවත් හා වගකීම් සහිත බව
කාබනික කෘෂිකර්මය කළමණාකරණය වත්මන් අනාගත පරම්පරාවල සෞඛ්‍යයට හා ජීවත්වන පරිසරයට වන බලපෑම් සැලකිල්ලලට ගනිමින් ක්‍රමවත් හා වගකීම් සහිතව කළ යුතුය.
මේ අනුව කාබනික කෘෂිකර්මයේ යෙදෙන කළමණාකරණ, සංවර්ධන හා තාක්‍ෂණ ක්‍රමවේද සැකසීමට විද්‍යාව අවශ්‍ය වේ. විද්‍යාව මගින් කාබනික කෘෂිකර්මය සෞඛ්‍යාරක්‍ෂණ, ආරක්‍ෂාකාරී හා පාරිසරික වශයෙන් හිතවේදී කරගත හැක. ඒ අතරම ප්‍රායෝගික අත්දැකීම් , එකතුකරගන්නා ඥාණය, සාම්ප්‍රදායික හා ස්‌වදේශීය දැනුම මගින්ද කාලයක් තිස්සේ අත්හදා බලන ලද කාබනික ප්‍රායෝගික විසඳුම්ද කාබනික කෘෂිකර්මයේ වැදගත් වේ.
කාබනික කෘෂිකර්ම තාක්‍ෂණයේදී අවදානම් සහිත ජාන ඉංජිනේරැ විද්‍යාව වැනි තාක්‍ෂණ භාවිතා නොකෙරේ. කාබනික කෘෂිකර්මයේදී ගන්නා තීරණ ඉන් බලපෑමක් ඇතිවන අයගේ අවශ්‍යතා හා වටිනාකම් පිළිපිඹු වන විනිවිදභාවයකින් යුත් සමූහ ක්‍රියාවලියකි.