අප කිසියම් ගණනය කිරීමක් අවසානයේදී එහි අවසාන පිළිතුර යම් දශමස්ථානයකට වටයා (රවුම් කර) ප්‍රකාශකරයි.
යම් අගයක් කිසියම් දශමස්ථානයකට රවුම් කරන විට, වැටයිය යුතු දශමස්ථානයට පසු සංඛ්‍යාව ප්‍රථමයෙන් සලකනු ලබයි.
එම සංඛ්‍යාව 5 හෝ ඊට වැඩි නම් වටයන දශම සංඛ්‍යාවට 1ක් එකතු කෙරෙයි.
එය 5ට අඩු නම් කිසිවක් එකතුකරන්නේ නැත. එය අත හැරේ.
5.35455 අගයන් දෙකකට වැටයූ විට 5.35
5.35655 අගයන් දෙකකට වැටයූ විට 5.36
5.35555 අගයන් දෙකකට වැටයූ විට 5.36
උදාහරණයක් ලෙස pi හි අගය සලකමු. (22/7)
එහි අගය 3•14159265359 වන අතර එය දශමස්ථාන 11කින් දැක්වේ.
මෙය 10වන දශමස්ථානයට වටයන විට ඊට පසුව ඇති සංඛ්‍යාව දෙස පලමුව අවධානය යොමුකරමු. එය 9වන අතර තවද එය 5 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නිසා 10වන දශමස්ථානය වන 5ට 1ක් එකතුකරයි. එවිට පිළිතුර 3•1415926536 වේ.
pi හි අගය 4 වන දශමස්ථානයට වටයමු.
මෙහිදී 5 වන දශමස්ථානය 9 වන අතර එය 5 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නිසා 4 වන දශම සංඛ්‍යාව වන 5ට 1ක් එකතුකරයි. එවිට පිළිතුර 3•1416 වේ.
අගයක් වැටයීමේදී එහි අවසාන දශම සංඛ්‍යාවේ සිට වැටයීම අවශ්‍ය නොවේ. වැටයිය යුතු දශමස්ථානයට පසු සංඛ්‍යාව පමණක් සලකා ඉහත ආකාරයට වැටයීම කලහැක.