ප්‍රතිශත හැඳින්වීම
 

Percentage

ප්‍රතිශතයක් යනු සියයට සාපේක්ෂව යම් අගයක් ප්‍රකාශ කිරීමයි.

සිසුන් වශයෙන් පාසැල් විභාග වලදී ඔබ ලබා ගන්නා ලකුණු ප්‍රතිශතයක් ලෙස ඔබට ලැබෙයි.
ඇත්තටම මෙයින් අදහස් කරන්නේ කුමක්ද?

100% යනු සියල්ලද
75% යනු තුන් පංගුවක්ද
50% යනු අඩක්ද යනාදී වේ

 


සෘඡුකෝණාශ්‍රයක් සමාන කොටස්100කට බෙදා ඉන් එක් කොටසක් අඳුරු කර ඇතැයි සිතමු.එම අඳුරු කල කොටස මුළු සෘඡුකෝණාශ්‍රයෙන් 1/100කි.එනම් සියයට එකකි.


 
මෙහි ප්‍රථම කොටුවේ 96% ක්ද, දෙවැන්නේ 9% ක්ද, තෙවැන්නේ 87% ක්ද වර්ණ කර ඇත.
විභාගයකදී සිසුන් වෙනස් ලකුණු ලබා ගත්තද ඒවා නිවැරදිව සැසඳිය හැකිවෙයි.

උදාහරණ ලෙස : 42/60 හා 45/80 ලෙස ලබාගන්නා ලද ලකුණු සැලකූවිට අගයෙන් 45 විශාල වුවද ප්‍රතිශතයක් ලෙස සැලකීමේදී වඩා විශාල වන්නේ 42 වේ.
ඊට හේතුව 42/60 =0.7 හා 45/80 =0.5625 වීමය

 
(c) Shilpa Sayura Foundation 2006-2017