71.එකතු කරන්න.
1011දෙක + 1010දෙක.
Hide
Answer
71 . 1011දෙක
+
1010දෙක
= 10101දෙක
සංඛ්‍යයා එකතු කිරීමේදී අපට වඩාත් හුරු පුරුදු වන්නේ දහයේ පාදයේ සංඛ්‍යයා වුවත්
මෙහි ඇත්තේ දෙකේ පාදයේ සංඛ්යයාය.
72. 0.07 ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
73. v = u + at සූත්‍රයේ a උක්ත කරන්න.
74. රූපයේ පෙන්වා ඇති සරළ රේඛාවේ සමීකරණය y = mx + c ආකාරයෙන් දැක් වූ විට c හි අගය
සොයන්න
Hide
Answer
74. y = mx + c යි c යනු අන්තක්ඛණ්ඩයයි.අන්තක්ඛණ්ඩය යනු ප්‍රස්ථාරය y
අක්ෂය කපන ස්ථානයයි. (0,4) ඛණ්ඩාක යුගලක් මෙලෙසින් දැක්වීමදී පළමුව x අක්ෂයේ අගයත්
දෙවනුව y අක්ෂයේ අගයත් දක්වයි.
ஃමෙහි පිළිතුර 4 විය යුතුය.
75 . රු.800 000කට ඇස්තමේන්තු කරන ලද නිවසක් සදහා ගිනි රක්ෂණ ආවරණයක් ලබා ගන්නා
අයෙකු එම මුදලින් ½% ක් වාර්ෂික වාරිකයක් ලෙස ගෙවිය යුතු වෙයි. එම වාරිකය ගණනය
කරන්න.
Hide
Answer
75. මෙහිදී අවධානය යොමු කල යුත්තේ ½% නම් 800 000 ට කීයද කියාය.
½% = 1/200 → 800000 × 1/200 =4000
76. එක්තරා මාසයක දී කුමාර් මහාතා ඔහුගේ වැටුප වියදමි කළ ආකාරය වට ප්‍රස්ථාරයේ
දැක්වෙයි.කුමාර් ඉතිරි කළ මුදල ඔහු ආහාර සදහා වියදම් කළ මුදලෙන් කවර භාගයක්ද?
77. .රූපයේ දැක්වෙන ABCD වෘත්ත චතුරස්‍රයේ AD පාදය E තෙක් දික් කර ඇත. ADE කෝණයට
සමාන කෝණයක් නම් කරන්න.
Hide
Answer
77 . වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර
කෝණයෙහි සම්මුඛ කෝණයට සමාන වේ.
ஃ CDE කෝණය = ABC කෝණය
78. පළතුරු වෙළෙන්දෙක් දොඩම් ගෙඩි දුසිමක් රු.96 කට ගෙන ගෙඩියක් රු නවය බැගින්
විකුණයි.ඔහු කොපමන ලාභයක් උපයයිද?
Hide
Answer
78 . දොඩම් ගෙඩි දුසිමක් යනු දොඩම් ගෙඩි 12 කි.
ஃ ඔහු ලබාගත් සම්පූර්ණ මුදල = 12 × 9 = 108
ඔහු ලබාගත් ලාභය = 108-96 = 12
79. මුළු ලකුණු 10ක් ලබා ගත හැකි ප්‍රශ්න පත්‍රයක් සදහා සිසුන් අට දෙනෙකු ලබා ගන්නා
ලද ලකුණු පහත දැක්වෙයි 3,6,5,x,7,4,8,2 ඉහත ලකුණු වල මාතය 5 නම් x මගින් නිරූපනය වන
ලකුණ කීයද?.
Hide
Answer
79 . මාතය යනු වැඩිම වාර ගණනක් නිරූපනය වන සංඛ්‍යාවයි.
ஃ මෙහි මාතය 5 වීමට නම් x = 5 විය යුතුය
80 . මැදපෙරදිග රටක සේවය කරන අයෙකු විසින් තම පියාට ඇමෙරිකන් ඩොලර් 125ක චෙක් පතක්
එවන ලදී. එය බැකුවෙන් මාරු කල විට රු.9781.25 ක මුදලක් කැබුණි. එදින ඇමෙරිකන්
ඩොලරයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් කීයද?.
Hide
Answer
80 .මෙහිදී ඩොලරයක වටිනාකම රුපියල් වලින් සෙවීමට නම් බැංකුවෙන් ලැබුණු මුදල බැංකුවට
ලබා දුන් ඩොලර් ගණනින් බෙදිය යුතුය.
එදින ඩොලරයක වටිනාකම = 9781.25/125 = 78.25