21.මිනිසුන් 03 දෙනෙකුට කාණුවක් කැපීමට දින 04 ක් ගතවේ.එක් මිනිසෙකුට එම වැඩය නිම
කිරීමට ගත වන දින ගණන සොයන්න.
22. සුළු කරන්න.
8×(-4)
Hide
Answer
22. 8×(-4) = -32
මෙහිදී ඉලක්කම මෙන්ම ළකුණ ගැනද වැටහීමක් තිබිය යුතුය.
+ × + = +
- × - = +
+ × - = -
- × + = -
23. රූපයෙහි දැක්වෙන ඍජුකෝණාස්‍රයෙහි පරිමිතිය සොයන්න.
24. සාධක වලට වෙන් කරන්න
x² - y²
25. රු:400න් 1/5 කොපමණද?
26. පෑනක මිල පැන්සලක මිල මෙන් තුන් ගුණයකි. පෑනක මිල රු.12 නම් පැන්සලක මිල
සොයන්න.
Hide
Answer
26. පැන්සලක මිල = 12 / 3 = 4
මෙය සරලව තෙරුම් ගත යුතුය. පෑනක මිල පැන්සලක මිල මෙන් තුන් ගුණයක් යනු පැන්සලක මිල
පෑනක මිල මෙන් 1/3 යන්නයි.
27. රූපයේ දැක්වෙන ගණකාභයේ පරිමාව සොයන්න.
28. රාක්කයක තට්ටු දෙකක් අතර පරතරය 75cm කි. ටින් එකක උස 10cm කි. රාක්කයේ තට්ටුවක
එක මත එක සිටින සේ තැබිය හැකි වැඩිම ටින් ගණන සොයන්න.
Hide
Answer
28 .එක මත එක සිටින සේ තැබිය හැකි වැඩිම ටින් ගණන = 7 කි
ටින් එකක උස 10cm නම් ටින් 07ක උස 70cm කි.
29. 1:50000 පරිමාණයට ඇද ඇති සිතියමක නගර දෙකක් අතර දුර 10cm ලෙස දක්වයි. එම නගර
දෙක අතර සැබෑ දුර සොයන්න.
Hide
Answer
29 .සැබෑ දුර = 50000 × 10 =500000cm =5km
1cm කින් 50000cm ක් නිරූපණය ව නම් 10cm කින් නිරූපණය වන දුර 500000cm එනම් 5km කි.
30 . රූපයේ ABC සරළ රේඛාවකි ABD කෝණයෙහි හි අගය සොයන්න.