කැතෝඩ කිරණ නළ ඇසුරෙන් උප පරමාණුක අංශු වර්ග සොයා ගැනීම
 

පරමාණුව සඳහා යොදා ඇති Atom යන ඉංග්‍රීසි වචනය සකසා ගෙන ඇත්තේ තවදුරටත් බෙදිය නොහැකිය, යන තේරුම ඇති ග්‍රීක වචනයක් වූ Atomos නම් වචනයෙනි.


පළමුව පරමාණුව නොව පරමාණුව සැකසී ඇති උප පරමාණුක අංශු පිළිබඳව හඳුනා ගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබින. මීට හේතු කාරක වූයේ ශ්‍රීමත් විලියම් කෲක් විසින් 1875 දී නිපද වූ කෲක් නළ නොහොත් කැතෝඩ කිරණ නළයයි.

කෲක් සංවෘත වීදුරු නළයක දෙකෙළවර රැඳ වූ ඉලෙක්ට්‍රෝඩ යුගලයක් අතරට අධික විභව අන්තරයක් ඇති සරල ධාරාවක් යොදන ලදී.

 

ඉන්පසු නළය තුළ වායු පීඩනය ක්‍රමයෙන් අඩු කළ විට කැතෝඩය අසල දිලිසීමක් ඇති වන බව කෲක් විසින් නිරීක්ෂණය කරන ලදී. වායු පීඩනය තවදුරටත් අඩු කළ විට දිලිසීම ක්‍රමයෙන් කැතෝඩය වෙතට ගමන් කරන බවත් කැතෝඩය සහ ඇතෝඩය වෙතට ගමන් කරන බවත් ඔහුට දැකගත හැකි විය.

 

නළය තුළ වායු පීඩනය 1Pa පමණ වන විට අඳුරු ප්‍රදේශය නළය පුරා පැතිර යන බවත් කැතෝඩයේ සිට ඇනෝඩයට කිසියම් කිරණ සමූහයක් විමෝචනය වන බවත් ඔහු නිරීක්ෂණය කරන ලදී.

 

මෙම කිරණ විද්‍යූත් සැපයුමේ සෘණ අග්‍රයට සම්බන්ධ කැතෝඩයෙන් නිකුත් වූ බැවින් ඒවා කැතෝඩ කිරණ ලෙස නම් කරන ලදී.

(c) Shilpa Sayura Foundation 2006-2017