පරමාණුවේ ව්‍යූහය
 

තඹ යනු පරිසරයේ පහසුවෙන් දැකගත හැකි මූලද්‍රව්‍යයකි.


ඔබ පිරිසිදු තඹ ලෝහ කැබැල්ලක් ගෙන එය සමාන කොටස් දෙකකට බෙදුවා යැයි සිතන්න.

 

මෙසේ ලැබෙන කොටසුත් දිගින් දිගටම දෙකට බෙදමින් එම ක්‍රියාවේ නිරත වුවහොත් අවසානයේ දී ඔබට ලැබිය හැක්කේ කුමක්ද? තඹ ලෝහයට ආවේණික ගුණ දක්වන කුඩා ම අවස්ථාවකට ඔබට ලඟා විය හැකි යැයි උපකල්පනය කිරීමට පුළුවන. මූලද්‍රව්‍යයක ගුණ රඳා ගත හැකි පදාර්ථය සතු එම කුඩා ම අවස්ථාව පරමාණු අවස්ථාව ලෙස හඳුන්වනු ලැබේ.

 

ක්‍රි.පූ. 460-380 ත් අතර ජීවත් වූ ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඩිමොක්‍රිටස් ද පදාර්ථයේ කුඩා ම අවස්ථාව පරමාණුව ලෙස නම් කර ඇත.


පරමාණුව පිළිබඳව මුල් වරට විද්‍යාත්මක ව විග්‍රහයක යෙදුනේ ජෝන් ඩෝල්ටන් නැමැති එංගලන්ත ජාතික විද්‍යාඥයා විසින් 1808 දී ය.

(c) Shilpa Sayura Foundation 2006-2017