මෙමගින් සිදු කරනුයේ න්‍යෂ්ටික ශක්තිය විද්‍යූත් ශක්තිය බවට පරිවර්තනය කරීමයි. මෙවැන්නකින් ඉතා කාර්යක්ෂම ව සහ අඩු වියදමකින් විද්‍යුදය නිපදවිය හැකිවේ. න්‍යෂ්ටික විදුලි බලාගාරයක් පිහිටු වීමට විශාල මුදලක් වැය වේ.
මුල් වරට න්‍යෂ්ටික විදුලි බලාගාරයක් පිහිටුවන ලද්දේ එංගලන්තයේ 'කැල්ඩන්හෝල්' වල 1956 දී ය.
එය මෙගාවොට් 200 ක විදුලි බලයක් නිදපවිය හැකි කුඩා න්‍යෂ්ටික විදුලි බලාගාරයකි.
මෙකල බොහෝ කාර්මික රටවල් විද්‍යූතය නිපදවා ගැනීමට මෙවැනි න්‍යෂ්ටික විදුලි බලාගාර උපයෝගි කර ගනු ලැබේ.
න්‍යෂ්ටික විදුලි බලාගාරයක දී සිදු වන්නේ එහි අඩංගු න්‍යෂ්ටක ප්‍රතික්‍රියා මගින් තාපය නිපදවා, එමගින් හුමාලය සකසා හුමාල ටර්බයිම කරකවා ගැනීමයි. මෙම හුමාල ටර්බයිම වලින් විශාල විදුලි ටර්බයින ක්‍රියා කරවා විදුලිය නිපදවා ගනු ලැබේ.
න්‍යෂ්ටික විදුලි බලාගාරවල දී හුමාලය සෑදීමට අවශ්‍ය ශක්තිය ලබාගන්නේ ඒවාට යොදන න්‍යෂ්ටික ඉන්ධන මගිනි. මෙම ඉන්ධන දර, LP වායුව වැනි ඉන්ධන වලට වඩා වෙනස්ය. ඒවා දහනය කළ යුතු නොවේ. යුරේනියම්-235 එවැනි න්‍යෂ්ටික ඉන්ධනයකි.
යම් යම් තත්ත්වයන් යටතේ යුරේනියම්-235 සුළු ප්‍රමාණයකින් අති විශාල තාප ප්‍රමාණයක් දිගු කලක් පුරා ලබා ගත හැකි වේ. මෙහිදී එම යුරේනියම් පරමාණුවල අඩංගු න්‍යෂ්ටි කොටස් පුපුරා යාමට සැලැස්වීමෙන් මෙසේ ශක්තිය නිපදවා ගත හැකි වේ.
මෙසේම ගල් අඟුරු, පෙට්රෝලියම් තෙල් වැනි ඉන්ධන ද දහනය කර තාපය නිපදවා එමගින් අධික තාපයක් ඇති අධිතප්ත හුමාලය නිපදවා විද්‍යූතය නිපදවා ගැනීමට පුළුවන. මෙහිදී ද අධිතප්ත හුමාලය මගින් හුමාල ටර්බයිම කරකවා එමගින් විද්‍යුත් ජනක වන ඩයිනමෝ ක්‍රියා කරවීම කරනු ලැබේ.
1808 දී ජෝන් ඩෝල්ටන් නැමැති එංගලන්ත විද්‍යාඥයා විසින් ඉදරිපත් කළ පරමාණුක වාදය පරමාණුව පිළිබඳව මිනිසා කළ ගවේශනයේ මුල් පියවරක් විය.