සම්භාවිතාව හැඳින්වීම
 

Probability
සම්භාවිතාවය යනු යම් දෙයක් සිදුවීමට ඇති හැකියාවයි.


සම්භාවිතාවය=යම් දෙයක් සිදුවිය හැකි සියලුම ආකාර ගණන

මුළු ආකාර ගණන
කාසියක් උඩ දැමූවිට හිස වැටීමට හැකි ආකාර ගණන 1ක් වන අතර
සිදුවිය හැකි මුළු ආකාර ගණන 2කි.

එමනිසා කාසිය උඩ දැමීමේදී හිස වැටීමට ඇති සම්භාවිතාවය දෙකෙන් එකකි, එනම් ½ කි.

යම් සිද්ධියක් අනිවාර්යයෙන් සිදුවේ නම් එම සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය 1කි.

කිසියම් සිද්ධියක් අනිවාර්යයෙන්ම සිදුනොවන්නේ නම්, එම සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය 0කි.

ඒ අනුව යම් සිද්ධියක් සිදුනොවීමේ සම්භාවිතාවය= 1- එම සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය

සරල සිද්ධි.
බෑගයක් තුල පබලු බෝල 6 ක් විය. ඉන් 3ක් රතුපාට,
2ක් කහපාට හා 1ක් නිල් පාට විය.
මෙම බෑගයෙන් අහඹු ලෙස ලබා ගන්නා ලද පබලු

බෝලය කහපාට එකක් වීමේ සම්භාවිතාවය කුමක්ද ?
අහඹු ලෙස ලබා ගන්නා ලද පබලු බෝලය
කහපාට එකක් වීමේ සම්භාවිතාවය වන්නේ ?

බෑගයේ ඇති කහපාට පබලු බෝල ගණන
මුළු පබලු බෝල ගණනින් බෙදූවිට ලැබෙන අගයයි.
එනම් 2/6 වේ.

 
(c) Shilpa Sayura Foundation 2006-2017