සීගිරිය වූ කලී භෞතික පරිසරයත් සෞන්දර්යත් මිනිස් තාක්‍ෂණයත්, කලා කෞෂල්‍යයත් යොදවා බිහිකල රමණිය වූ ස්මාරකයකි. එහි කලාව තාක්‍ෂණය පමණක් නොව යමකුගේ වීර්යය හා අධිශ්ඨානයේ ද ප්‍රතිමූර්තියකි.
සීගිරි රාජධානිය පැවති වසර දහ අටක කෙටි කාලයකදී සිංහලයෝ අත්කරගත් දියුණුවට තාක්‍ෂණය මුල් වූවා විය යුතුය. විදෙස් සබදතා හේතු කොටගෙන ඔප්නැගුණු ආර්ථිකය නිසා සමාජීය හා සංස්කෘතික දියුණුවකට ද පාදක වූ බව සිතීමට හැකිය.
සීගිරිය තවමත් ඉතා මද වශයෙන් පුරා විද්‍යා කැණීම් කල ප්‍රදේශයකි. බටහිර හා උතුරු දෙසින් ඇති අභය භූමිද, පහත් ප්‍රදේශවල ජල මාර්ග අසල පැරණි වාසස්ථාන ගවේශනය කළහොත් අපට තවත් වැදගත් පුරා විද්‍යාත්මක සාක්‍ෂි හමුවනු ඇත.
මූලාශ්‍ර :
සීගිරිය පරිසරය හා පුරාවිද්‍යාව උපාලි වීරක්කොඩි
සීගිරිය - සෙනරත් පරණවිතාන
මධ්‍ය කාලීන සිංහල කලා - ආනන්ත කුමාරස්වාමි
ඡායාරූප : නිරංජන් මීගම්මන
