බද්ධ කිරීමෙන් පසු
 

බද්ධ කිරීමෙන් පසු
01. අංකුර බද්ධවල දින 21කට පසු බද්ධය සාර්ථක නම්, බද්ධ පටිවලින් පිටතට අංකුරය තබා නැවත වෙලීම.
02. බද්ධය සාර්ථක නම්, ග්‍රාහකය බද්ධ සන්ධියට විරුද්ධව හැඩයක් ලැඛෙන සේ බද්ධයට සෙන්ටි මීටර 5 ක් උඩින් කපා හැරීම.
03. ග්‍රාහකයේ වැඩෙන සියලූම අංකුර ගලවා ඉවත් කිරීම.
04. පැලය වෙනත් ස්ථානයටක සිටුවන්නේ නම් බද්ධ සන්ධිය පස් මට්ටමින් සෙන්ටි මීටර 15 ක් ඉහළින් සිටින පරිදි පැළ සිටුවීම.
05. පැළ සිටුවීම සඳහා සෙන්ටි මීටර 60 x 60 x 60 වලවල් මතුපිට පස් 1 කාබනික පොහොර 1 මිශ්‍රණයෙන් පුරවා සති 3කට පසු පැල සිටුවීම.
06. උණ ලී පොච්චිය හෝ පොලිතීන් කවර ඉවත් කොට සිටුවීම.
07. සිටුවීමෙන් පසු වර්ෂාව නොමැති නම් අවශ්‍ය පරිදි ජලය සම්පාදනය කිරීම.
08. බද්ධ පැළයේ අනුජය කෙළින් වැඩීම සඳහා ආධාර කණුවක් සැපයීම.
09. සෙන්ටිමීටර් 100 කට ඉහළින් රිකිලි හටගැනීම සඳහා කරටිය කපා රිකිලි හට ගැනීමට උදව් කිරීම.
10. ශක්තිමත් රිකිලි තුනක් හෝ 4 ක් තබා ගන්න.
11. ැළය වටා රවුමට පොහොර යෙදීම මිස ගස වටා පොහොර ගොඩ නොකරන්න.
12. එම තුවාල වල දිලීර නාශකයක් ආලේප කරන්න.

 

(c) Shilpa Sayura Foundation 2006-2017