බද්ධයක් සාරථක වීමට කරුණු
 

සාර්ථක බද්ධයක් ඇති වීමට
• ශාක බද්ධ කිරීම වර්ධනය ආරම්භ කරන සීමාවේදී කිරීම සුදුසුය.
• හොඳින් කැපෙන ලෙස බද්ධ පිහිය මුවහත්ව තබාගෙන ග්‍රාහකයේ සහ අනුජයේ කැපුම් යොදා ගත යුතුය.
• හැකි පමණ ඉක්මනින් අනුජය වියළී යාමට ඉඩ නොතබා ග්‍රාහකය මත තැන්පත් කළ යුතුය.
• බද්ධය තදින් වෙලා ගැනීම සහ බද්ධ සන්ධියට ජලය ඇතුලූ වීම වලක්වා ගැනීම වැදගත්ය.

බද්ධ කිරීමේ ප්‍රයෝජන
01. වඩා උස නොවන ගස් බෝ කර ගැනීම
02. තමන්ට අවශ්‍ය ශාක හැඩය ලබා ගැනීම.
03. වැඩි පලදාවක් ලබා ගැනීම.
04. පලවල රසය වැඩි කර ගැනීම හෝ අඩු කර ගැනීම.
05. පලවල මේරීම ඉක්මන් කිරීම.
06. රෝග වලට ඔරොත්තු දෙන ශාක බිහිකර ගැනීම.

(c) Shilpa Sayura Foundation 2006-2017