ළපටි පැළ බද්ධය
 

ග්‍රාහක වශයෙන් දින 7 ක් පමණ වයස් වූ බීජ පැළ ලබා ගෙන අඹ, අලිපේර වැනි පලතුරු පැළ බද්ධ කිීරීමට මෑතකදී සොයාගත් ක්‍රමයකි. අනුජය වශයෙන්ද තෝරාගන්නේ ඉතා ළපටි රිකිලිය. ග්‍රාහකය කපනුයේ බීජයට ඉතාමත් ආසන්න වන පරිදිය. එය හරස් අතට කපා පැලූම් බද්ධයට සමානව සකස් කරගනු ලැබේ. අනුජය දෙපැත්තේ පැතිලි උලක් සේ කපා ගත යුතුය. මෙම අනුජය සහ ග්‍රාහකය සම්බන්ධ කර බද්ධ පටි වලින් තදින් වෙලාගත යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017