ග්රාහකය පොළවේ සිට සෙ.මී. 20 ක් පමණ ඉහළින් හරස් අතට මට්ටම් වන සේ කපා ගත යුතුය. තියුණු පිහියක ආධායෙන් සෙ. මීටර 5 ක් පමණ පහළට හරි මැදින් පැලූම් යොදා කූඤ්ඤයක ආකාරයට අනුජය ඇතුල්කල හැකි සේ සකස් කරන්න.
ග්රාහකයේ විශ්කම්භයට සමාන හෝ තරමක් කුඩා අනුජයක් සෙ. මී. 15 ක් පමණ දිගට තෝරාගෙන එම රිකිල්ලේ පහළ කෙළවර සෙ.මී. 4 ක් පමණ ප්රමාණයක් දෙපසින් කපා කූඤ්ඤයක් ලෙස සකස් කර ගන්න. ග්රාහක කැපුම තුලට අනුජය ඇතුල්කර කැපුම් තළ සම්බන්ධ වන සේ ස්පර්ශය තදින් ඇතිවන ආකාරයට බද්ධ පටිවලින් පහළ සිට ඉහළට වෙලන්න. ග්රාහක විශ්කම්භයට වඩා අනුජයේ විශ්කම්භය කුඩා නම් ග්රාහකයේ එක් පැත්තකටවත් ඉතාමත් හොඳින් ස්පර්ශ වන සේ කැම්බියන් පටක සම්බන්ධ කරවීම ඉතාමත් වැදගත් වේ. හිරු එළිය හා වර්ෂාව මගින් වන හානි වැලැක්වීමට පොලිතින් කවරයක් බද්ධ සන්ධිය වැසෙන සේ ඉහළ සිට යෙදීම සුදුසුය. සාර්ථකව බද්ධය සිදුවී අංකුරය වැඩෙන විට පොලිතින් ආවරණය ඉවත් කළ යුතුය.
ග්ර්රාහකය සහ අනුජය පටක සම්බන්ධ වනසේ තදින් වෙලීම කරන්න. බද්ධ සන්ධියට ජලය ඇතුල් නොවීමට වග බලා ගත යුතු අතර, මේ සඳහා බද්ධ ඉති ද භාවිතා කළ හැකිය. පැති බද්ධයට සුළු සුළු වෙනස්කම් කිරීමෙන් තවත් බද්ධ ක්රම කිහිපයක් නිපදවා ගත හැක.
මෙලෙස ග්රාහකයේ කදින් කොටසක් ඉවත් කර අනුජයද එයට ගැලපෙන සේ කැපුම් දෙකක් යොදා එහි කඳ කොටස් කැබලිද ඉවත් කරන්න. දැන් අනුජය ග්රාහකයට තැන්පත් වන පරිදි තබා බද්ධ පටි වලින් තදින් වෙලන්න. විනියර් බද්ධයේදී බද්ධය සාර්ථක වේනම් සති 4ට පමණ පසු ග්රාහකයේ උඩ කොටස කපා ඉවත් කරන්න.