මෙහිදී ග්රාහකය පොළවේ සිට සෙන්ටි මීටර් 20 ක් පමණ ඉහළින් හරහට කපා ඊටපසු පහළ සෙන්ටි මීටර් 3 ක් පමණ ගැඹුරට දිවක් වැනි කැපුම් යොදන්න. අනුජයද සෙන්ටි මීටර 15 ක් පමණ දිගට ගෙන මෙලෙස දිවක් වැනි කොටසක් සකසා ගන්න. එම අනුජය සහ ග්රාහකය සම්බන්ධ කර බද්ධ පටි වලින් වෙලන්න.
මෙහිදී ග්රාහකය හරහා නොකපයි. පොළවේ සිට සෙන්ටි මීටර් 20 ක් පමණ ඉහළින් ග්රාහකයේ එක් පැත්තකින් කැපුමක් ආරම්භ කර එය සෙන්ටිමීටර 4 ක් පමණ දික් වන පරිදි කපන්න. කැපුමේ පහළ කෙළවර ග්රාහකයේ මහතින් හරි අඩක් වන පරිදි ඇතුලට කපන්න. මෙසේ යොදන ලද කැපුමේ පහළ කෙළවර සෙන්ටි මීටර 2 ක් පමණ වන පරිදි උඩ සිට නැවත කැපුමක් කරන්න.