ග්‍රාහකය විශාලව වැඩී ඇති විට මෙම ක්‍රමය යෙදීමෙන් ශාකයක අතු සංඛ්‍යාව වැඩි කරගත හැකි වේ. මෙහිදී ග්‍රාහකය පොළවේ සිට සෙ.මී. 30 ක් පමණ උඩින් කපා මේ කැපුමේ සිට සෙන්ටි මීටර් 3 ක් පමණ පහළට පොත්ත පමණක් ඉවත් වන සේ දිග කැපුමක් යොදන්න.
ඉන්පසු අනුජයේ සෙන්ටි මීටර් 15ක් පමණ තබා පහත කෙළවර කූඤ්ඤ ආකාරයට උල්වන සේ සකස් කර ගන්න. අනුජය ප්‍රවේශමෙන් ග්රාහකයට ඇතුල් කළ යුත්තේ ග්‍රාහකයේ පොත්ත බුරුල් කර උස්සා, පොත්ත සහ කඳ අතරෙන් ඇතුල් කිරීමෙනි.
අඩ පියන් බද්ධ
අඩ පියන් බද්ධය ද පියන් බද්ධයට වඩා වෙනස් වනුයේ අනුජය තැන්පත් කලාට පසු ඉන් අංකුරයට පහළින් ග්‍රාහකයේ උඩට ඇති පියන් කොටස පමණක් කපා ඉවත්කොට අංකුරයට පහළින් ඇති ග්රාහක පියන් කොටසින් පමණක් අනුජය වසා බද්ධ පටි වලින් වෙලීමයි. ඉන්පසු කටයුතු පලිස් බද්ධයේ ක්‍රමයට සමාන වේ.