මෙහිදී ග්රාහක කඳ කූඤ්ඤයක් මෙන් සකස් කරනු ලැබේ. ග්‍රාහකය සෙන්ටි මීටර් 20 ක් පමණ ඉහළින් හරස් අතට කපා මෙම කොටස උල් වන සේ පැතිද කපා හැරීමෙන් මෙම කූඤ්ඤාකාර කොටස සකස් කරගනී.
අග්රාස්ථ අංකුරයක් සහිත රිකිල්ල පළමුව හරස් අතට කපා සෙන්ටි මීටර් 5 ක් පමණ ඇතුලට කැපීමෙන් පසු ග්‍රාහකය ප්‍රවේශමෙන් අනුජය තුලට ඇතුල් කරනු ලැබේ. ඉන්පසු බද්ධ පටි වලින් පහළ සිට ඉහළට වෙලීමත් පොලිතින් කවරයක් ආවරණය කිරීමත් අවශ්‍ය වේ. බද්ධ සාර්ථක වූ පසු පොලිතින් කවරය ඉවත් කළ යුතුය.